chapter 39

739 139 15
                                    

රෑ පාර්ටි එකට ඔප්පලා ටිකයි අයේශුයි අයිශුයි ශානුයි, සෝයොන්ග් ඔන්නි , සේහි ඔන්නි ඔක්කොම හිටියා..ඔන්නි නම් ආපු ගමන් කරේ මාව බදාගෙන සමාව ඉල්ලලා අඩපු එක..ඔන්නිගෙ වැරැද්දක් නෑ...ඒ නිසා මන් එයාට එදාමයි සමාව දුන්නේ..කොච්චරවත් සමාව දෙන්න ගගා අඩන නිසා හරි හරි සමාව දුන්නා කියලා හිත හැදෙව්වා..ඒත් ඔන්නිගේ මුලු මූනෙම තිබ්බේ ලොකු පසුතැවිල්ලක්..

පටන් ගැන්මේ හැමෝම කෙලින් හිටියට අන්තිම වෙනකොට ඉතින් උනේ ඔක්කොමව උස්සන් ගිහින් ඇදවල් වලට දාන්න තමයි..වෙලාවට දෝනිව කලින් නිදි කරේ..නැත්තන් මගේ අහින්සක කෙල්ල මේ විගඩම් බලලා නරක් වෙනවා..

කෙල්ල මොනවා නැතත් ඉක්මනට අයේශ් එක්ක එකතු උනා..අයේශුත් පොඩි අයට ආස නිසා දෝනි එක්කමයි..ඊටත් වඩා මස්සිනා ඉස්සරහ හොද නම ගන්න ඕන නිසා කොල්ලා පොඩ්ඩක් බබාලාට ආසයි එයා වැදගත් හොද කෙනෙක් කියලා පෙන්නන්න ලොකු උත්සාහයක් දැරුවා..පව් ඉතින්..මාත් මොනවා නැතත් උපරිම සප් එක දුන්නා..මොනවා උනත් එක කුස උපන් අයියානේ..

හැබැයි ඉතින් සෙට් එකම බොන්න පටන් ගත්තාට පස්සේ කට්ටියගේ රෙදි කැලේ...හොබි ඔප්පා විතරයි සද්ද නැතුව පැත්තකට වෙලා හිටියේ..ඇත්තටම හොබි ඔප්පා බිව්වාම විතරමයි දගලන්නේ නැතුව ඉන්නේ..අනික් හැම වෙලේම දගරපනු රෝගයක් හැදිලා වගේ දගලනවා..බිව්වාම මන් නම් බීලා නෑ කියන්න වගේ මූනක් හදන් පැත්තකට වෙලා ඉන්නවා..හරි හොදයි...

ඔක්කොටම වඩා හපන් ජින් ඔප්පා..උන නිසා බොන්න එපා කිව්වාට ඩොක්ටර් ලග නිසා බය වෙන්න දෙයක් නෑ කියලා බිව්වා...ඊට පස්සෙ ඉතින් එයා සෝයොන්ග් ඔන්නිව බදාගෙන යන්න දෙන්නේ නෑ ගගා පිස්සු කියෝන එක තමා කරේ..ඔන්නිගේ වැඩේම ඔප්පාව තල්ලු කරන එක..එයාට ලැජ්ජ ඇති ඉතින්..පිස්සෙක් වගේ බීලා මන් ඔයාට යන්න දෙන්නේ නෑ..ඔයා මගේ ගානකොට ඉතින් මල පනිනවානේ..

ඒ අස්සේ ජූන් ඔප්පා අයේශ්ව බදාගෙන අඩනවා..මූත් මස්සිනාව බදාගෙන හොටු පෙර පෙර හිටියා..ඇඩුවේ ඇයි ඇහුවාම ජින් ඔප්පා කලින් එයාගේ පිගන් වගයක් බින්දට බැන්න එකටලු ඇඩුවේ..මස්සිනාටම හරියන්න අපේ එකත් බදාගෙන සුපිරියට ඇඩුවා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now