chapter 30

865 147 18
                                    

දවල් වරුවෙම ටේ ඔප්පායි මායි දෝනි සෙල්ලම් කරපු එක කරේ...මන් මේ ලෝකේ වැඩියෙන්ම සතුටු උන දවස අද...වාහ් මන් කොහොමද අද උන දෙවල් විශ්වාස කරන්නේ ??

වාහ්...මන් කිම් ටේහ්‍යුන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ද ?? මේක නම් හීනයක්...ඒත් මට බයයි..මන් නිසා ටේ ඔප්පාට ප්‍රශ්නයක් එයිද ?? මොන ප්‍රශ්නේ ආවත් දාලා යන්නේ නෑ කිව්වාට මට බයයි මන් නිසා ටේ ඔප්පාගෙ ජිවිතේට ප්‍රශ්නයක් එයිද කියල...ආර්මිලා අපේ සම්බන්දේ කොහොම තේරුම් ගනිවිද ??

🐯 නාදියා..මොනවද කල්පනා කරන්නේ ??

රෑ අහස දිහා බලාගෙන කල්පනාවක හිටිය මන් ගැස්සිලා ගියේ ටේ ඔප්පාගේ කටහඩට..මන් එහෙම්ම පිටිපස්ස හැරිලා බලනකොට අප්පායි දූයි දෙන්නාම එක වගේ නයිට් සූට් දෙකක් ඇදගෙන ටේ ඔප්පා දෝනිවත් වඩාගෙන ඉන්නවා...ඇත්තමයි මිකී මවුස්ලා ඉන්න නයිට් කිට් එකට ටේ ඔප්පා දෝනිටත් වඩා පොඩි පාටයි..

මුකුත් නෑ..

මන් එහෙම කියලා හිනා උනාම ටේ ඔප්පා දෝනිව බැල්කනි එකේ අත් වැටින් වාඩි කරවලා මාවත් ඇදලා එයා ලගට ගත්තා..මන් දෝනිව හයියෙන් අල්ලගත්තාම ටේ ඔප්පා මගේ පිටිපස්සෙන් ඇවිල්ලා මාව බැක් හග් කරගෙනම දෝනිගේ අත් දෙකෙන් අල්ලන් හිටියා..

🐯 කුමාවෝ නාදියා...ඔයා නිසා හුග කාලෙකට පස්සේ මායි රෝස මලයි සතුටින් හිටියා...නේද මැණික ??

ටේ ඔප්පා මගේ බෙල්ලෙන් හාදුවක් තියන ගමන් එහෙම කියනකොට මගේ ඇගම හිරි වැටිලා ගියා.. අම්මපා මේ වල් කොටියා මට ආදරෙයි කිව්ව දවසෙම හනිමූන් එකත් යයිද කියන එක ගැන මට ලොකු සැකයක් තියෙනවා...

ඒක වෙන්න බැරිකමක් නෑ...අවුරුදු 21න් අප්පෙක් උන කොල්ලානේ...කොටි විසේ...

🐯 නාදියා හෙට මාත් එක්ක නායොන්ගේ සෙමට්‍රි එකට යන්න එනවාද ??

❤ ඒත් ??

🐯 අයේශ් විදියටවත්...

පපී ඇස් දාගෙන මගේ මූන බලන් කියනකොට මට බෑ කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ...හොදම දේ අයේශ් කියලා නම ඇහිලාත් දෝනි සද්ද නැතුව ඉන්න එක...මන් විග් විග් එකත් ගලවලා ඉන්නෙ..කොහොමත් මගේ කොන්ඩේ යාන්තම් දිග නිසා ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් උනෙ නෑ..ඇත්තටම මන් කෙල්ලෙක් වගේ ඇන්දාම කෙල්ලෙක් වගේ තමයි...සමහරවිට දෝනි මන් අයේශ් කියලා අදුරගෙන ඇති...කොහෙද ඒක එයාගෙන් හන්ගන්න බෑනේ...එයාට ඉන්නේ බ්‍රේක් නැති කටක් තියෙන අප්පෙක්නේ...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now