chapter 37

809 153 9
                                    

Ayshu pov
( පොඩි වෙනසකටත් එක්ක එයාගේ pv එකක් දෙන්නම් 😂 )

ජින් ඔප්පා ජිමින් ඔප්පා කාලා නෑ කියපු ගමන් මගේ පපුව පිච්චිලා ගියා වගේ උනා..මන් දැක්කා එයා එක දිගට මගේ ෆෝන් එකට කෝල් ගන්නවා..ඒත් නාදියා වෙනුවෙන් මට හැමදෙයක්ම ටික කාලෙකට හරි අතාරින්න උනා...මන් මුලදි හිතුවේ මට ජිමින් ඔප්පා ගැන තියෙන්නේ අයිඩල් කෙනෙක්ගේ හැගීම් කියලා..එදා මාව එයාර් පෝර්ට් එකෙන් ගන්න ආපු දවසේ එයා මට ආදරේ කරනවා කිව්වාත් මන් බලමු කියලා එයාට ආදරෙයි කියලා තාමත් කිව්වේ නැත්තේ ඒකයි..මට බය හිතුනා..මන් එයාට ලන් උනොත් එයාගේ ජිවිතේට ප්‍රශ්නයක් වෙයි කියලා හිතුනා..

නාදියා කියන්නේ හාර්ෆ් කොරියන් කෙනෙක්..මන් එහෙම නෑ..මන් ෆුල් ශ්‍රි ලංකන්..ඉතින් වෙන නැෂනලිටි එකක් තියෙන කෙනෙක්ව ආර්මිලා ජිමින් ඔප්පාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට බාරගනිවිද කියන එක මගේ හිතට ලොකු බරක් දැනුනා..මන් නිසා එයාගේ ජිවිතේට ප්‍රශ්නයක් උනොත්..එයාලා මේ තැනට ආවේ හුගක් මහන්සි වෙලා..නාදියා හාර්ෆ් කොරියන් නිසාත්, එයාලගේ කම්පැනි එක කොරියාවේ පවා ෆේමස් එකක් නිසාත් ආර්මිලාගෙන් ටේ ඔප්පාටයි එයාටයි ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැ...ඒත් මට ?? මන් එහෙම නෑ...මගේ අම්මා තාත්තා දෙන්නාම ශ්‍රී ලංකන්..අනික මන් නාදියා තරම් ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි.. නාදියාගේ ෆැමිලි එක මාව එයාලගෙම දරුවෙක් විදියට තියාගෙන ඉන්න නිසායි මන් මෙච්චර සතුටින් සැපට ජීවත් වෙන්නේ.. එයාලට පින්සිද්ද වෙන්න මන් මෙහෙම හිටියාට මගේ මල්ලි හොදට ඉගෙන ගත්‍තාට එයාලා නැත්තන් මන් තාමත් එදා වේල හම්බ කරන්න දුක් විද විද ඉන්නවා..

නාදියා මන් වෙනුවෙන් කරපු දේවල් නිසාමයි මන් දෙපාරක් නොහිතා හැමදේම අතෑරලා එයත් එක්ක එයාගේ හැල්මොනිගේ ගෙදර බුසාන් වලට ආවේ..ඒත් ආපු වෙලේ ඉදන් මගේ හිතේ ජිමින් ඔප්පා ඉන්නකොට, එයාගේ ආදරණීය වචන, එයාගේ ලස්සන ඇස් පොඩි වෙන හිනාව, එයාගේ පුංචි පුංචි කිස් මට හුගක් මතක් උනා..එයාගෙන් ඈත් වෙලා ආපු වෙලේයි මට තෙරුනේ මන් ඇත්තටම එයාට ආදරෙයි කියලා..ජින් ඔප්පා එය නොකා නොබි ඉන්නවා කිව්වාම මගේ පපුව පිච්චෙනවා වගේ දැනුනේ එයා ඒ තරම්ම මට ආදරේ කරනවා කියලා තේරුන නිසායි..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now