chapter 42

691 140 16
                                    

Taehyung pov

අපි LA ආවත් ආපු දවසේ ඉදන්ම මට දැනුනේ මහ මූසල හැගීමක්...හරියට මන් ආදරේ කරන කෙනෙක් මට නැති වෙනවා වගේ...ඒ නිසාම මන් මට ෆ්‍රී එකක් ලැබෙන හැමවෙලේකම වගේ රෝසමලටයි නාදියාටයි කෝල් කරන්නේ..හැබැයි ඒ දෙන්නා නම් මන් නෑ කියලා ගානක්වත් නෑ...දෙන්නා එහෙ මෙහෙ ඇවිද ඇවිද ෆුල් ජොලියේ ඉන්නවා..

ඒත් මගේ හිතට බයයි..මට අද උදේ ඉදන් කොන්සට් එකේ ප්‍රැක්ටිස් නිසා දෙන්නා එක්ක කතා කරන්න හම්බුනෙත් නෑ...ඇයි මට මහ මූසල හැගීම් එන්නේ ?? ඇයි මට හිතෙන්නේ මන් ආදරේ කරන කෙනෙක් මට නැති වෙයි කියලා...ආහ්..මගේ ඔලුවම විකාරයි වගේ...

🦄 ටේහ්‍යුන්....
ටේහ්‍යුන්..
ටේහ්‍යුන් කොයි ලෝකෙද ඉන්නේ ??

මෙච්චර වෙලා මන් ප්‍රැක්ටිස් නොකර වෙන ලෝකෙක හිටියේ කියලා හොබි හ්‍යුන්ගේ කටහඩිනුයි තෙරුනේ..ඇත්තටම මට ප්‍රැක්ටිස් කරන්න තියා කිසිම දේකට මගේ ඔලුව යන්නෙ නෑ..ඒත් ඇයි ?? ඇයි මට මෙහෙම හැගීම් දැනෙන්නේ ??

🐨 ටේයා..මොකක්ද ප්‍රශ්නේ ??

🐯 මු..මුකුත් නෑ හ්‍යුන්ග් 🥺🥺

ජින් හ්‍යුන්ග් මගේ ලගිට ඇවිල්ලා මාවත් වාඩි කරවලා එයත් එතනින් වාඩි උනාම හොබි හ්‍යුන්ග් හැමෝටම බ්‍රේක් එකක් ඉල්ලලා අපේ වටේට වාඩි උනා..

🐹 ඔයා මෙහෙට ආපු දවසේ ඉදන් අමුතුයි...අද ඊටත් වැඩියි...මොකක්ද ප්‍රශ්නේ ටේයා..අපිට කියන්න බැරි දෙයක් ද ??

🐯 හ්‍යුන්ග්ලාට කියන්න බැරි ප්‍රශ්න මට නෑ හ්‍යුන්ග්..

🦄 එහෙනම් ඇයි මේ ?? වෙනදට ප්‍රැක්ටිස් වලදි ඔයා මෙහෙම නෑ...අද මන් කී පාරක් කිව්වාද ස්ටෙප්ස් වැරදි කියලා..මේ අනිත් දෙන්නා..කුකී , ජිමින් ?? මොකක්ද ඔයාලා තුන්දෙනාටම තියෙන ප්‍රශ්නේ ??

හොබි හ්‍යුන්ග් ඒක කියනකොටත් කුකි ජිමින් දෙන්නා හිටියේ වෙන ලෝකෙක...බැරිම තැන යූන්ගි  හ්‍යුන්ග් දෙන්නාගෙම ඔලුවට පාරක් දුන්නාම තමා දෙන්නාම සිහියට ආවෙ..

🐰🐥 ආව්..

🐥 හ්‍යුන්ග් ඇයි  ගැහුවේ ??

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now