chapter 21

726 154 10
                                    

යන්න හදපු මාව ඇදලා ගත්ත ටේ ඔප්පා එකපාරටම මගේ ශර්ට් එකේ දෙපැත්තෙන් ඇද්දා.. ඇස් පිය ගහන්නත් කලින් ශර්ට් එකේ බට්න්ස් ගැලවිලා මගේ පපුව පේනකොට ටේ ඔප්පා කරේ බය වෙලා ටිකෙන් ටික පස්සට ගිය එන..

🐯 ඔ..ඔයා කෙල්ලෙක්ද අයේශ් ??

මන් දඩිබිඩි ගාලා මගේ ඇදුම හදාගත්තාත් මේ වෙනකොටත් ඔප්පා හැම දෙයක්ම දැකලා ඉවරයි.. එයාගෙ ඇස් පුදුමෙන් ලොකු වෙලා තිබ්බේ..ඒත් ඒ ඇස් කේන්තියෙන්...

ම..මන් කියන දේ චුට්ටක් අහන්න...

🐯 එපා..වචනයක්වත් කියන්න එපා...
ඔයා මාව රැවැට්ටුවා අයෙශ්...ආහ්...ඔයා කෙල්ලෙක්නේ..අයේශ් වෙන්න බැහැනේ නම..තමුසෙට මොනවද ඕන උනේ මගෙන් ?? ඇයි මේ විදියට ආවේ ?? ඇයි මගේ ජිවිතේ අපායක් කරේ..??

❤ ඔ..ඔප්පා මන් කියන එක චුට්ටක් අහන්න..

මන් ඔප්පාගේ අත අල්ලන්න හැදුවාම එයා මගේ අත ගසලා දැම්මා..ඒ ඇස්වල තිබ්බේ හිතාගන්න බැරි හැගීම් ගොඩක්...

🐯 මාව අල්ලන්න එපා...බොරුකාරි...

එයා එහෙම කියලා එතනින් ගියා..බොරුකාරි ?? එයා මට කිව්වේ ඒක...මගේ පපුව පිච්චෙනවා වගේ...එයා වැරදි නෑ...මායි වැරදි...මගෙයි වැරැද්ද ?
ඇයි මන් මේ වගේ තීරණයක් ගත්තේ..ඔයා කිව්වා හරි ඔප්පා..මන් බොරුකාරියක්..ඔයාව රැවැට්ටුවා.. ඔයාගේ ජෙන්ඩර් එක ගැන පිස්සු හැදෙන්න තරම් මන් ඔයාව රැවැට්ටුවා...මන් වැරදි...මන් කරපු වැරදි වලටයි මේ දඩුවම් ලැබිලා තියෙන්නේ...

මහ වැස්සෙ රූෆ්ටොප් එකේ ඉදන් මන් කරේ මගේ දුක නැති වෙනකම් අඩපු එක...වැස්ස මට අඩන්න ඇති තරම් වෙලා දුන්නා...වැස්ස නිසා මන් අඩනවා කාටවත් පේන්නෙත් නෑ...

ඒත් එකපාරටම වැස්සේ සද්දේ ඇහුනත් මගේ ඇග නොතෙමෙන නිසා මන් කකුල් අස්සේ ගහන් හිටපු ඔලුව උඩට ඉස්සුවා..

හොබි ඔප්පා !!

එයා මට කුඩයක් අල්ලගෙන හරිම ලස්සනට හිනා වෙලා ඉන්නවා...එයා කොහොමද එහෙම හිනා වෙන්නේ...එයාගේ හිනාව දැක්කාම මගේ හිතට අමුතු සැහැල්ලුවක් දැනුනා..

🦄 ඒයි...ලොකු කෙල්ලෙක් නේද ?? පොඩි එකෙක් වගේ ඔහොම වැස්සේ අඩනවාද ??

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now