chapter 46

657 149 30
                                    

ටේහ්‍යුන් ජිමින් ජන්ග්කුක් ජන්ග්මි එක්ක හොස්පිටල් එකට ආවත් තනියම ඇවිදගෙන යන්න පුලුවන් තත්ත්වෙක ටේහ්‍යුන් හිටියේ නෑ...ඇග කොච්චර දුර්වල ද කියනවා නම් කාගෙවත් උදව් නැතුව ටේහ්‍යුන්ට හරියට ඇවිදගන්නවත් බෑ..දකින කෙනෙක්ගේ පපුව පිච්චිලා යන තරම් ටේහ්‍යුන් දුර්වල වෙලා..

ටේහ්‍යුන් මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි..ඒත් සමාජේ විසින්මයි ටේහ්‍යුන්ව මේ තත්ත්වෙට පත් කරේ...එකපාරක් ඉවසුවා කියමුකෝ..ඒත් දෙවෙනි පාරත් ඒ දේම උනොත් ?? ඉවසන්න කියන එක කටින් කියන්න ලේසි උනාට කරන්න ලේසි නෑ...ටේහ්‍යුන් ඉවසුවා...පුලුවන් තරම් ඉවසුවා...එයා ජීවත් වෙන්න උත්සාහ කරා..සතුටින් ඉන්න උත්සාහ කරා...ඒත් දෛවය ටේහ්‍යුන්ගේ සතුට එක්ක සෙල්ලම් කරනවා නම්...ඉස්සර ටේහ්‍යුන් දෛවය එක්ක සටන් කරත් දැන් ටේහ්‍යුන්ට ඒකට ශක්තියක් නෑ..ටේහ්‍යුන් දැන් දුර්වලයි..

සිරුරෙන් විතරක් නෙමෙයි හදවතිනුත් ටේහ්‍යුන් දුර්වලයි...තනියම නැගිටගන්න බැරි තරමට දුර්වලයි..ජීවිතේ තියෙන අන්තිම ආසාවත් ඇතෑරලා ඉන්න ටේහ්‍යුන්ව හැම වෙලේම ජීවත් කරවන්නේ එයාගේ පුංචි රෝස මල...ටේහ්‍යුන් මැරෙන්න හදන හැම වෙලේම එයාට එයාගේ රෝස මලව පේනවා..ඔම්මාත් නැතුව අප්පාත් නැතුව කොහොමද කෙල්ලෙක් ඉස්සරහට ජීවත් වෙන්නේ..අප්පෙක් විදියට ටේහ්‍යුන්ට නිදහසේ මැරෙන්නවත් බෑ...

🐰 ජන්ග්මියා අපි දෙන්නා අප්පාට ඔම්මාව බලලා එන්න කියලා කන්න මොනවා හරි අරන් එන්න යමු..

ජන්ග්කුක් කතා කරාම ජිමින්ට වාරු වෙලා හොස්පිටල් එක ඇතුලට ආව ටේහ්‍යුන්ගේ අතේ එල්ලිලා හිටිය කෙල්ලා හා කියලා ඔලුව වනලා ජන්ග්කුක්ට එයාව වඩාගන්න කියලා අත් දික් කරා..

🐰 කෝ එන්න...

ජන්ග්කුක් කෙල්ලව වඩා ගත්තාම ටේහ්‍යුන්ගේ මාස්ක් එකට උඩින්ම තොල්වලට පෙක් එකක් දුන්න කෙල්ල ජිමින්ට එයාගේ අප්පාව බලාගන්න කියලා අනකුත් දීලා තමයි ජිමින් එක්ක ගියේ..ජන්ග්මි ගියාම ජිමින්ගේ වාරුවෙන් ටේහ්‍යුන් නාදියාගේ රූම් එක ලගටම ආවත් ඇතුලට යන්න අදිමදි කරා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now