Chapter 04

791 160 15
                                    

ඊළඟ දවසෙ මම දෙයියනේ කියලා ඉක්මනින් ලැහැස්ති වෙලා යීබොටත් එක්කම බ්‍රෙක්ෆස්ට් අරගෙන එයා එනකම් දොර ළඟට වෙලා හිටියා....

එයා දොර ඇරගෙන ආවා...

මම සුපුරුදු පරිදි ගුඩ් මෝනින් කියලා එයාව පිළි අරගෙන එයත් එක්ක යුනි එකට ගියා...

මං මගේ ලෙක්චර් හෝල් එකට යද්දි ජීසුට එකෙක් පස්සෙන් ඇවිත් කරදර කරනවා...

මාත් ඉතින් නලු බට්ටා වගේ එතනට ගිහින් ජීසුගෙ තාත්තා ඇවිත් ජීසුව හම්බවෙන්න කියලා එයාව බේර ගන්න ගියෙ..වැඩේ හරි ගියෙ නෑ ඌ මගේ මූණට එකක් ඇන්නා...උගෙ ඇඟ නිකම් පිට්බුල් බල්ලෙක්ගෙ වගේ...මට නිකම් සිහි නැති වෙන්න වගේ දැනුනා ඒ පාර වැදිච්ච විදිහට....🥺🥺

මගේ යක්ෂාරූඩ මොනර රාජයා කන්වර්ඩ් උනාට පස්සෙ මං කෙලින්ම ඌ වැඩි පුරම ඉඳ ගන්න උගේ නිල ස්ථානයේ පුටුවට සුපර් ග්ලූ දැම්මා...ආයෙ ඉඳ ගත්තොත් පුකේ කෑලිත් ගැලවෙන විදිහට...මං එහෙම කරලා ලෙක්චර් රූම් එකෙන් එළියෙ එතන පේන තැනකට වෙලා බලන් හිටියෙ ඒ නසරානියා ඒක උඩ ඉඳ ගන්නකම්....ඒත් ඒ වෙලාවෙ මගේ රාහු නීච වෙලාද කොහෙද...එතන එවලෙ වාඩි උනේ යීබො....මට කර ගන්න දෙයක් නැති උනා....මං එතනට දිව්වෙ නිකම් චීටා වගේ....🥲😅

මං ඉක්මනින් යීබොව එතනින් නැගිට්ටුවා...ඒත් එතන මුකුත් තිබ්බෙ නෑ...

එයා මං දිහා කන්න වගේ බලන් හිටියෙ, වතුරට වැටුනු සෝඩියම් කෑල්ල වගේ සූ ගාලා මගේ හුස්ම ටික යද්දි...

ඇයි...මොකක්ද උනේ...

මං...මේ මුකුත් නෑ...

ඒත් එක්කම එතනට ආවෙ අර මැර සෙට් එක..උන්ට කෝප්පෙ හෝදන එකෙක් මං කරපු වැඩේ ගැන ඔත්තුව දීලා එතනින් පුටුව අයින් කරලා...අර දස මහා යෝධයා මා වෙත එද්දි මගේ බෝල වන් ඇස් දෙක අංශක තුන්සිය හැටක් කරකවලා යීබො දිහා බැලුවා...😮😮

😮😮

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now