Chapter 24

579 116 37
                                    

මාත් බිම බලන් යීබොගෙ පිටිපස්සෙන් නැට්ට වගේ එහාට මෙහාට යනවා.....

යීබො එයාගේ රූම් එකේම මටත් තැනක් හදලා දුන්න වැඩ ටික කරන්න....

හායි...බෝ....

ආහ්..යැන්ග්...

ආයෙමත් මුන් දෙන්නගෙ විකාර දිහා බලන් ඉන්න එපැයි...මලවිකාර අර ගෑනිගෙ...

මං සද්ද නැතුව ෆයිල් වගයක් චෙක් කරන්න ගත්තා...

මං එතන තිබ්බ වැදගත් ෆයිල් එකක් යීබොට සයින් කරන්න ගිහින් දුන්නෙ ඒක එවලෙ වැදගත් උන නිසා...මං ඒක ගිහින් දෙන්න යද්දි අර දෙන්නා කතාවක හිටියෙ...

යීබො...මේ ෆයිල් එක....

මොන මඟුලක්ද...මේ මනුස්සයාට මැනස් කියලා දෙයක් නැද්ද..තමුසෙ හිතුවද මේක අම්බලමක් කියලා...ඕන ඕන වෙලාවට එන්න යන්න...කිසි එක්ස්කියුස් එකක් නැතුව....සූවත් මරලා දාන්න හදලා...

ආයෙ කියවනවා නේද මේකි...සූව ගාවගෙන යීබොගෙ තරහා අවුස්සන්න මේකි හදන්නෙ....මේ වෙලාවටනෙ අම්මාපා අර අපේ අම්මා රයිස් හදන නන්ස්ටික් පෑන් එක ගිල්ලවන්න හිතෙන්නෙ....

මං යීබො දිහාත් බැලුවා එයාගෙත් කිසි රිඇක්ෂන් එකක් නැහැ...

තමුසෙගෙ අම්මාගේ තමයි වැරැද්ද....අම්මාගෙ හැටි හිතා ගන්න පුලුවන්...

මං එහෙම කියද්දිම අරකිගෙ කන ගැලවෙන්න එකක් දුන්නෙ අම්මාට එක එක ඒවා කිව්ව නිසා....

ශා...න්....

යීබො මං දිහා ඇස් දෙක ලොකු කරලා තරහෙන් කෑගැහුවා...

ආ...ගහන්න..ඔයාටත් එච්චරයි නේ පුලුවන්....පුලුවන් තරම් මට ගහන්නකො...එතකොට ඔයාගේ හිතට හොඳ ඇතිනේ...මේ ගෑනිත් එක්ක එකතු වෙලා මේ ආඩපාල කියන්නද මට ජොබ් එකක් දුන්නෙ...නැත්තම් මං දුප්පත් හිඟන්නෙක් වගේ නිසාද...ඈ...ඔයාගේ ජොබ් එක මට ඕන නැහැ...තියාගන්න...මේ වගේ කුණු කතා අහනවට වඩා හොඳා පාරේ හිඟා කනවා....ඔයාට කොන්ද පණ නෑ...තමන් මැරි කරලා ඉන්න කෙනා කියලටවත් පොඩි ගෞරවයක් හරි දුන්නනම් මං හිත හදා ගන්නවා..ඒත් ඔයා මගේ හීන බොඳ කරලා දැම්මා.   මං යනවා අම්මා ළඟට....මට ආයෙ ඔයාගේ මූණ බලන්නවත් ඕන නෑ...

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now