Chapter 09

600 126 27
                                    

මට කියා ගන්න වචනයක් හිතට ආවෙ නැතුව මං.......

ආහ්...ඒ මේ දොරේ මූණ වැදුනා වෙන කොහෙද බලාගෙන ඇවිත්....

මං එහෙම කියලා යීබොගෙ මූණ දිහා බලද්දි එයා මං දිහා කන්න වගේ බලන් හිටියා......

මං ලාවට චූටිත්තම් හිනාවක් දැම්මෙ එයාගේ මූණට හිනාවක් ගේන්න...එයාට එයාගේ හිනාව පෙන්නන්නෙ නැතුව ඉන්න බැරි උනා.......මට ඒක හොඳටම තේරුනා.....

ඔය දෙන්නා මූණට මූණ පස්සෙ බලා ගන්න බැරියෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය දෙන්නා මූණට මූණ පස්සෙ බලා ගන්න බැරියෑ...දැන් මේවා නිවෙන්න කලින් කන්න...

හරි අම්මේ....

මට වැඩක් තියනවා..මං ටවුන් එකට යනවා.....

අම්මා එහෙම කියලා ගෙදරින් ගිහාම අපි දෙන්නම කාමරේට ගියා....

ශාන්....ඔයා එනවද අපේ ගෙදර යන්න....ඉතුරු දවස් ටික අපි එහෙ නතර වෙමුද....අපේ අම්මාත් කැමතී ඔයා එහෙ එනව නම්....

හා...

මං එකෙන්ම හා කිව්වා.....

කොහොම හරි අපි දෙන්නම ඊළඟ දවසෙ යීබොගෙ ගෙදර යන්න ලැහැස්ති වුනා....

අපිව එක්කන් යන්න යීබොගෙ ගෙදරින් වාහනයක් එවලා තිබ්බා....

මායි යීබොයි දෙන්නම පිටිපස්සෙ සීට් වලින් ඉඳ ගත්තා....

ටික දුරක් යද්දි යීබො මං දිහා බලලා එයාගේ කම්මුලට තට්ටු කරලා කිස් එක්ක ඉල්ලනවා....මං තේරුනෙ නෑ වගේ එයාගේ අනිත් කම්මුලටත් ඇනලා අනිත් පැත්ත හැරිලා වීදුරුවෙන් එලිය බලා ගත්තා.....

ඒත් එක්කම කෝප වූ යීබො ඉස්සර තිබ්බ කර්ටන් එකකින් ඉස්සරහ ඉන්න අයට අපිව පේන්නෙ නැති වෙන්න හැදුවා....

මං මගේ ඇස් දෙක ලොකු කරන් යීබො දිහා බැලුව එයාගේ ගිජුලිහිනි ඇස් දෙක මා දිහෑවට යොමු කරන් හිටිය නිසා.....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now