Chapter 07

629 127 17
                                    

මගේ ආදර හිනාවේ බලපෑමට එයා යටත් වෙලා ඒක දරා ගන්න බැරි තැන තියන්නම් කියලා ෆෝන් එක කට් කරා....

මං ඊටපස්සෙ කෙලින්ම බාත් රූම් එකට ගිහින් මූණ කට හෝදගෙන කන්න ගියා....

අම්මායි මායි එකටම කෑවා...

ඒ කොල්ලො..මෙහෙ වරෙන්කො...කඩේට ගිහින් ගෙදරට බඩු අරන් එන්න....මට යන්න බෑ...වැඩනෙ..

අනේ...මං...මට බෑ....

උඹෙන් මං පුලුවන් ද බැයිද කියලා නෙවේ නෙ ඇහුවෙ...පලයන් අන්න අතන සල්ලි ඇති...

කොහොම උනත් මං කොච්චර කියෙව්වත් අන්තිමට ගොනා වගේ කඩේ යන මම හරි පව්....

ඔයාලා දන්නෙ නෑනෙ මං ඇයි මෙච්චර කඩේ යන්න අදි මදි කරන්නෙ කියලා.....

ඒ කඩේ අයිතිකාරයාගේ පුතා ස්කෝලෙ යන කාලෙ මගේ ක්ලාස් එකේමයි හිටියෙ...ඒකා දවසක් මගෙන් ගේම ඉල්ලුවා...ගේම දෙන්න බෑනෙ මායි අම්මායි ඉන්න ගෙදරනෙ...ඒක හින්දා මං උගේ කලිසම අස්සට දිමි ගොට්ටක් දැම්මා....වැඩේ කියන්නෙ ඒකා හොස්පිට්ල් එකෙත් හිටියා ඒක වෙනම කතාවක්...දැන් මාව හම්බෙන වෙලාවක් බලන් ඉන්නෙ....හොඳ වෙලාවට අම්මා දන්නෙ නෑ මේ ගැන.....

මං කඩේට පය තියද්දි එතන හිටියෙ ඒ කොල්ලා...මට කර ගන්න දෙයක් නැති උනා....මං මාට්ටු ද...කියලා මට හිතුනා....ඒකා මං දිහාවට ආවා...

ආහ්...කොහොමද...මං ඇහුවා...

අවුලක් නෑ...බන්...තෝ එදා මට...

ඔයා මගේ යකා අවුස්සපු හින්දනෙ සේරම...

ආහ්...නෑ..නෑ...උඹ ඒ කරපු වැඩෙන් මට නර්ස් කෙල්ලෙක්ව සෙට් උනා...මං එයාව මැරි කරා...තැන්යූ කියන්න හිටියෙ මං....

ඒකා එහෙම කියලා මගේ අත හොලවලා හිනා වෙන ගමන් මට චොක්ලට් කිරි එකක් දුන්නා කියහන්කො නොමිලේ...අනේ මං බය වෙච්ච තරමක්....

මං දන්නෙ නැතුව මං අතින් හොඳ වැඩත් වෙනවා නේද...

මං එහෙම හිතන ගමන් චොක්ලට් කිරි එක එක හුස්මට බීගෙන ගිහින් බඩුත් අරන් ගෙදර ගියා.....

මඟදි...

ශාන් අයියෙ....

ආහ්...නම්කියා...කොහොමද...

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now