Chapter 06

727 127 18
                                    

එයා අන්තිමට මට ගුඩ් නයිට් කියද්දියි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ...මං හිතුවෙ එයාට මාත් එක්ක තරහා ගිහින් කියලා....🥺🥺

උදේම මගේ ෆෝන් එකේ එලාම් එක විදිහට BTS Life Goes On song එක ඇහෙද්දි මාව නිකම්ම ඇහැරුනා....

මං ඒක ඕෆ් කරලා ඒකෙ ඉතුරු ටික දන්න විදියට මුමුණන ගමන් දත් මදින්න ගියා....

දත් මැදලා මූණ එහෙම සෝදගෙන වොශ් එකක් දාගෙන ලස්සන ඇඳුමක් ඇඳගෙන සැන්ට් පවුඩර් ටිකක් දාගෙන බෑග් එකත් අරගෙන එලියට බැස්සා....

යීබො වෙනදා වගේම එලියට වෙලා හිටියා...

මම යනවා...

මං එහෙම කියද්දි එයා බිම බලාගෙන හ්ම්ම් කිව්වා...

මට ඒ උත්තරේ මදි...මට එයාගේ කටහඬ තවත් අහන්න ඕන උනා.....

ඔයා අද යුනිවර්සිටි එකට යනවද...

එයා නැහැ නොකියා ඒ විදිහට ඔලුව දෙපැත්තට කරා....

ඔයාට ඔච්චරටම කතා කරන්න බැරිද...ඈ...ඔයා මොකද මේ ගොලුයි වගේ ඉන්නෙ..ඇයි ඔයාට මාව තේරුම් ගන්න බැරි...ඕන එකක් කියලා මටත් කට වහන් ඉන්න තිබ්බෙ...අනේ මගේ කට ගලක උලා ගන්න ඕන....

මං එහෙම කිව්වෙ හෙන ආවේගයකින්....මට පස්සෙ හිතුනා මං එහෙම කිව්වෙ අපරාදෙ කියලා..එයාගේ හිත රිදෙන්න ඇති....ගිය දේ ඇත්තු ලවා වත් අද්දන්න බෑ කියලා අපේ අම්මා කියන්නෙ කට කහනවට යෑ....

මං එතනින් යද්දි....

ශාන්.....

මොකද....

මං කේන්තියෙන් එහෙම කියලා පිටිපස්සට හැරෙද්දි එයා මං දිහාවට ලොකූ රෝස මල් බොකියක් දික් කරන් හිටියා...

මාව නිකම් ලෝක දෙකක් අතර හිර උනා වගේ දැනුනා....මගේ ඇස් වලින් කදුලු සුටු සුටු ගාලා වැටෙන්න ගත්තෙ සතුටට වෙන්න ඇති....මං යීබො දිහා බලන් හිටියා...එයාට හිනා උනා....එයා දුන්න මල් බොකිය අතට අරන් ඒ මල් වල තිබ්බ ආදරේ සුවඳ වින්දා....🤗🤗🤗

🤗🤗🤗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now