Chapter 29

609 112 18
                                    

එහෙම කියලා එයා මගේ නලලට කිස් එකක් දීලා පල්ලෙහාට යන්න ගියා...

මං ඉක්මනින් නැගිටලා ගියේ වොශ් එකක් දාගන්න...

ශාන් අද ඔෆිස් එකට එනවද...

නැත්තම් ඉතින්....

ශාන් අපේ අම්මා ඔයාට කතා කරා..එහෙ එන්න කියලා කිව්වා ටිකකට...

එහෙමද...ඇයි ඒ...

මට කිව්වෙ නෑ....මට එන්න එපා කිව්වනේ.....

ම්ම්..එහෙනම් මං එහෙට ගිහින් එහෙම්මම ඔෆිස් එකට එන්නම්....

හරි එහෙනම්...මං යන්නද....

කෝ...ඉන්න මං ටයි එක දාන්නම්....තාම පොඩි එකා වගේ ඒකත් අඹරලා දාගෙන....

මං එහෙම කියලා ගිහින් එයාගේ ටයි එක දාන්න ගත්තම එයා මගේ ඉන වටෙන් අත දාගෙන මං දිහා බලන් හිටියා...

ඇයි මොකද....

නැහැ...මට ඔයා හම්බුන එක ගැන මට ගොඩක් සතුටුයි...

ඔයා කවදා ඉඳන්ද මට කැමති...

ම්ම්....ආත්ම ගානක ඉඳන්...ඒත් මේ ආත්මෙ...ඔයාව දැක්ක මුල්ම දවසෙ...ඒ කියන්නෙ ඔයා සූත් එක්ක අපේ ගෙදර ආපු දවසෙ...අර ඔයා සූගෙ පස්සෙන් හිමීට පඩිපෙළ දිගේ උඩට යද්දි මං ඔයා දිහා කිචන් එකට වෙලා බලන් හිටියා...

ඇයි ඔයා මට පේන්න ආවෙ නැත්තෙ...

අනේ මංදා...ඒක මට කියන්න තේරෙන්නෙ නෑ .

හරි හරි දැන් යන්නකෝ ඔෆිස් එකට...

හරි පැට්ටෝ....

මං එහෙම කියලා එයාව ඔෆිස් එකට යවලා යීබොගෙ අම්මාව බලන්න යන්න පිටත් වුනා...

අම්මේ...

ආහ්...ශාන්...ඔයා ආවත් එක්කද....

ඔව්..කියන්න අම්මේ ඇයි මට එන්න කිව්වෙ....

ඉඳ ගන්නකො...

හරි අම්මෙ...

ඔයා දන්නවද යීබො කලින් හිටිය විදිහට මං හිතුවෙ මට මගේ පුතත් නැති වෙයි කියලා...ඒත් එයා ඔයා එක්ක ඉද්දි තමයි මට තේරුනේ එයා ඔයාට කොච්චර ආදරේද කියලා...

මං හිනා වෙලා ඔලුව එහෙට මෙහෙට කරා...

අහන්නකො ශාන් ඇත්තටම...මං මේක කියනවද නැද්ද කියලා හිටියෙ....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now