Chapter 05

767 147 10
                                    

යීබො එහෙම කිව්වට මට ඒක විශ්වාස කරන්න බැරි උනා මොකද එයාට ඒක මගේ ඇස් දෙක දිහා බලන් කියන්න බැරි උනා...එයාගේ වචනත් පැටලුනා...😂😂

මං හ්ම්ම් කියලා එයාගෙන් ඇහුවෙ වෙලාව කීයද කියලා මොකද මට පාර්ට් ටයිම් ජොබ් එකට යන්න තියනවනේ....

මං රෑ වෙලා ගෙදර එද්දි කවුද පිටිපස්සෙන් එනවා දැනුනා...මං පිටිපස්ස හැරෙන්න හදද්දිම එයා මාව තදින් බදා ගත්තා...

මං බැලුවා මේ මොන මගුලක්ද කියලා...ඒ යීබො...එයා බීලා හොඳටම වෙරි වෙලා හිටියෙ...එයා මාව අතඇරියෙම නෑ..මං එයාව කොහොම හරි මගේ රූම් එකට එක්කන් ගියෙ වෙන කරන්න දෙයක් නැති කමට..

එයාව මං මගේ ඇදෙන් තියලා කෝපි හදන්න ගියා....

මං කෝපි හදන් එද්දි එයා හොඳටම අඬනවා...මං හේතුවක් දන්නෙ නෑ...ඒත් මං එයාගෙ ඔලුව මගේ ඔඩොක්කුවෙන් තියලා ඔලුවට තට්ටු කලේ එයාට සැපපහසුවක් දැනෙන්නයි...ටික වෙලාවකින් එයාට මං කතා කරා...කෝපි එක බොන්න කියන්න....ඒත් එයා හොඳටම නිදි...මාත් ඊටපස්සෙ ගිහින් සෝෆා එකට වෙලා නිදා ගත්තා....🥺🥺

රෑ වෙලා...මං දැක්කා කවුද මට පිහියෙන් අනින්න එනවා...මං හෙන හයියෙන් කෑ ගැහුවා..එයා මගේ මූණට මොනවද ඉස්සා...මට සිහි නැති උනා..මං හිතුවෙ මං මැරුනා කියලා...උදේ මං හොඳ සෞඛ්‍ය සම්පන්නව නිදා ගත්තු විදියටම නිදා ගෙන හිටියා...අම්මෝ මං බය උන තරමක්.....😮😮

මං ආයෙමත් කෝපි හදාගෙන ගිහින් යීබොව ඇහැරුවා...එයා නැගිට්ටා..

සොරි මං ඔයාට ගොඩක් කරදර කරා නම්...තැන්ක් යූ මේ සේරටම...

එයා එහෙම කියලා කෝපි කෝප්පෙ අතට ගත්තා....

ඕන නෑ...ඔයාගෙන් මට වදයක් නෑ..

මං එහෙම කියලා කෝපි එක බොන්න ගත්තා....

ඔයා ඇයි බිව්වෙ එච්චර...

මං එහෙම අහද්දි එයාගේ අමුතු තරහකුත් තියන බැල්මක් මං වෙත එල්ල කරා...

මං අද යුනි යන්නෙ නෑ...ඔයා පරිස්සමෙන් ගිහින් එන්න...

එයා එහෙම කියලා ඇදෙන් බැහැලා ශීට් එක නවලා ඇද හදලා කෝපි කෝප්පෙත් හෝදලම එයාගේ රූම් එකට ගියා....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now