Chapter 20

580 117 35
                                    

මං එහෙම කියන ගමන් එයාගේ ඔඩොක්කුවෙන් ඉඳ ගත්තා....එයාගේ ඔඩොක්කුවෙන් ඉඳ ගන්න එක දැන් මට පුරුද්දට ගිහින් වගේ.....

යීබො තරහා ගන්න එපා ඉතින්...මං මේ පොඩ්ඩක් ජොලියට ගියෙ....හුඟකාලෙකින් යන්න බැරි උනානෙ කොහෙවත්....

යීබො සද්ද නෑ.....

මොනා උනත් ලස්සනට ෆොටෝ ටික ගහලා නේද....

මං එහෙම කියද්දි එයා මාව උස්සලා ඇඳට දැම්මා...

නිදා ගමු..

හරි.....

අපි දෙන්නම නිදා ගන්න ගියා....

මහ රෑ යීබො මගේ ඉස්සරහට වෙලා හිටන් ඉන්නවා.. මං පටස් ගාලා නැගිටලා යීබොට කතා කරා...

පොර හෙල්ලෙන්නෙවත් නෑ....

මෙයා මේ හීනෙන් ඇවිදිනවා වගේ....ආයෙත් පොඩ්ඩක් කතා කරලා බලන්න ඕන..

මන් එහෙම හිතලා ආයෙමත් යීබොට හිමින්සීරුවෙ කතා කරා..ඒත් එයාගෙන් කිසි ප්‍රතිචාරයක් තිබ්බෙ නැහැ...

මට මතක් උනේ අර කතාවක තිබ්බ විදියට නින්දෙන් ඇවිදින කොට කියන දේ කරනවා කියලා...මාත් එහෙම උත්සහා කරලා බලන්න තීරණය කරා...

යීබො....ඔයා මට ආදරේ නම් මාව බදා ගන්න...

මං එහෙම කියද්දි එයා මාව තදින් බදා ගත්තා....

ඒකත් මරු වැඩේ...හැමදාම එයාගෙන් හග් ගොඩාක් ගන්නත් පුලුවන්....දැන් ඉතින් කිස් එකකුත් ට්‍රයි කරලා බලමු...

යීබො මාව කිස් කරන්නකො...

මං එහෙම කියද්දි එයා මගේ නලල කිස් කරලා මගේ ලිප්ස් ගාවට එන්න හදද්දිම...

මොනාද ශාන් මේ කරන්නෙ...එහෙම කරන්න එපා..ඔයාට ලැජ්ජා නැද්ද....

මං මටම එහෙම කියාගෙන එයාව ඇඳට තල්ලු කරලා දැම්මා..

උදේම එයා කම්පැණියට ගිහින් මාවත් දාලා.....වෙනදනම් මාව එක්කගෙනම යනවනෙ....එයා එන්න එන්න මගෙන් ඈත් වෙන්නද මංදා හදන්නෙ....බලමුකො..එයා කොහොමද මට එහෙම කරන්නෙ කියලා....මාත් එක්ක ඕවා කරන්න බෑ....

මං එහෙම හිතලා ඉක්මනින් යන්න ලැහැස්ති උනා.....

යුනි එකට ගිහින් ජීසු එක්ක පොඩි කයියක් දාන් හිටියා....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now