Chapter 19

542 111 29
                                    

මං ඉක්මනින් එතනින් ආවෙ බිනයට කෝල් එකක් ගන්න ගමන්....

හලෝ....

සර් ඔයා කොහෙද ඉන්නෙ....මං කිව්වා ලොකු සර්ට ඔයාට හය වෙනකම් ලෙක්චර් එකක් කියලා.....

තැන්කූ බින්....මං දැන් යුනි එකට එන ගමන් ඉන්නෙ...ඔයා එතනද...

ඔව් සර්...

හරි හරි මං එන්නම්...

මං ෆෝන් එක කට් කරලා ඉක්මනින් යුනි එක ළඟට ගියා...

ඊටපස්සෙ මං බින් එක්ක ගෙදර ගියා....

මං දොර ඇරන් ඇතුළට එද්දිම යීබො පුටුවට වෙලා දොර පැත්ත බලන් ඉන්නවා....

අනේ දෙයියනේ....මෙයාට මාට්ටු වෙලාද සීන් එක...එහෙම නම් වෙන්න එපා....මං වදින්නම්....මගේ කෑලිත් හොයන්න නැති වෙයි....

මං හිනාවක් දාගෙන යීබො ඉන්න පැත්තට ගියා....

යීබො ඔයා දැන්ද ආවෙ...මං කෝපි එකක් හදන් එන්නද.....

අද ලෙක්චර් කීයක් තිබ්බද...

තුනක් විතර....

මහන්සි ඇති නේද...

නෑ එහෙම නෑ.....

බඩිගිනි නෑ නේද ෆ්‍රයිඩ් චිකන්,පීසා එහෙම කාලා....

යීබො  එහෙම කියද්දි මගේ අතේ තිබ්බ වීදුරුව බිමට වැටිලා කෑලි කෑලි වලට බිඳිලා ගියා....

මං...ම්...මං...

මං එහෙම්මම නැවිලා හදිස්සියට වීදුරු කටු අහුලන්න යද්දි...

එපා...යන්න ගිහින් වොශ් එකක් දාගන්න...

එයා එහෙම කිව්ව ක්ෂනයෙන් මං පඩිපෙළ දිගේ උඩට දිව්වා....

මං පැය බාගෙකට වඩා බාත්ටබ් එකේ ගිලිලා හිටියා...
මට හිතා ගන්න බැරි උනා මං දැන් යීබොට මොනාද දෙන උත්තර කියලා....

ඊටපස්සෙ ටවල් එක ගන්න යද්දි බිමට වැටුන බොඩි වොශ් පෑගිලා ලිස්සලා පෙරේතයා පොලේ ගැහුවා වගේ බිම පතබෑවුනා....

ආ.........හ් .....අ......හ්.......ආආආආ

මට නිකම්ම කෑ ගැස්සුනේ මගේ කකුල ඇඹරුන නිසයි....

ශාන් මොකද උනේ....

මං හොඳින්.... එන්න එපා...

එන්න එපා කිව්වෙ මං ඉපදිච්ච ඇදුම පිටින් හිටියෙ....ඒකයි....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now