Chapter 13

530 114 18
                                    

මං එහෙම හිත හිත යද්දි.....

මගේ ඇඟේ කෙල්ලෙක් හැප්පුනා....

සොරි.....

මං එහෙම කියලා එතනින් එද්දි මට එයාගේ මූණ දිහා බලන්න වෙලාවක් තිබ්බෙ නෑ.....

ඒකට කමක් නෑ...

එහෙම එයා කියනවා මට ලාවට ඇහුනා.....

මං කෙලින්ම ගියේ අන්තිම ලෙක්චර් එක තියන හෝල් එකට.....

එතනට වෙලා ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ ඉද්දි අම්මාගෙන් කෝල් එක්ක ආවා.....

හෙලෝ අම්මෙ...කියන්න...

පුතේ ඔයා යුනිවර්සිටි එකේ ද ඉන්නෙ....

ඔව් අම්මෙ තව ටිකකින් අන්තිම ලෙක්චර් එක....

හරි එහෙනම්...මං හෙට එන්නම් ඔයාව බලන්න බෝඩිමට....ඔයා ආස කෑම හදාගෙනම....අර ළමයාටත් එක්ක....

අනේ...එයාට ඕන නෑ...මට දෙන්න...

ඇයි මොකෝ දෙන්නා රණ්ඩු උනාද....

එහෙම නෑ..  මේ...

හරි හරි පැටියෝ....රණ්ඩු වෙන එක සාමාන්‍ය දෙයක්....ඕවා හරියනවා.....දුක් වෙන්න එපා හරිද.....

හරි අම්මෙ...පරිස්සමෙන් ඉන්න ...මං තියන්නම්....

හරි...පරිස්සමෙන් වැඩ ටික කර ගන්න....

ශාන්.....ශා...න්...

ජීසු කෑ ගහගෙන ලෙක්චර් හෝල් එක පැත්තට දුවගෙන ආවා....

ඇයි මොකද.......

අන්න.....යීබො....ගහගෙන

මොනවා...යීබො...

ඔව් අන්න යන්න.....

මං ඒත් එක්කම දුවගෙන ගියේ යීබො මොන වින්නැහියක් කර ගෙනද බලන්න....

යද්දි යීබොයි තව එකෙකුයි හොඳටම ගහ ගන්නවා.....

යීබො....ඕක නවත්තන්න....යීබො.....

මං මැද්දට පැනලා දෙන්නගෙන අත් දෙකෙන් අල්ල ගද්දි දෙන්නම නිකම් මං දිහා බලන් හිටියෙ අර ද හේයර්ස් කොරියන් ඩ්‍රාමා එකේ කිම් ටෑනුයි යොන්දොයි චා ඉයුන් සන් දිහා බලන් ඉන්නවා වගේ.....

දෙන්නම මගේ කට වචනෙට යටත් වෙලා මං දිහා බලද්දි යීබො මාවත් ඇදගෙන එතනින් එන්න ඇවිත් ස්වීම් පූල් එක පැත්තට ගියා...

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now