Chapter 1

6.6K 345 104
                                    

.
.
.
.
.
"අහගන්න ළමයි..ඔයාලා එදිනෙදා දෙන වැඩ එදිනෙදාම කරලා තියාගන්න..අන්තිම කාලෙ වෙද්දි ඔක්කොම ගොඩගහන් පාඩම් කරන්න තියාගන්න එපා..තාම දොලැහෙනෙ අරකයි මේකයි බැ ඔයාලා දැන්ම ඉදන්ම එක්සෑම් එකට සූදානම් වෙන්නොනෙ..දැන් මන් දුන්න පේපර්ස් ටික බෙදාගන්න..පලවෙනි එක අපි සාකච්ඡා කරමු"

පලවෙනි කාලච්ඡේදෙ පටන්ගෙන හුස්මක් ගන්නත් නැ අලුතෙන් ආව සිංහල මිස් දේශනේ පටන් ගත්තා..
අද දෙවනි වාරෙ පටන් ගත්ත මුල් දවස..පලවෙනි වාරෙ ලකුනු අද දීලා දෙමාපිය රැස් වීමකුත් තියෙනවා කිව්වා.. අනෙ ඉතිම් අද පලවෙනි දවසනෙ කියලා ටිකක් ආතල් එකෙ ඉන්නවා කියල සතුටෙන් ඉදියත් එ සතුටට කනකොකා හැඩුවා වගෙ සින්හල මිස් පන්තියට ආවෙ..

" බෙල් කරා විතරයිනෙ ඔයි තාම...අනෙ මන්දා බන් මෙ ගැනි මග රැකන් ඉදලා ආවද කියලා..කලිම් මිස් හොදයි බන් පස්සෙන් එලෝ එලො වැඩ දුන්නත් මෙයාගෙ දේශනෙ තමා අහන්නම බැරි ඔයි...උදේ පාන්දරම මගෙ බඩත් කුරු කුරු ගානො"

මන් බැලුවා මගෙ එහා පැත්තෙ සද්ද වහල මොකද කියලා..නැ නැ වැඩිවෙලා ඉන්න හම්බුන්නැ කැඩිච්ච රේඩියෝව පටන් ගත්තා..මූ තමා මගෙ ඇටයා කාලෙ ඉදම් බෙස්ටා..
නමින් නම් තමාල් මන්දාර අනුවින්ද ..මලක්ම තමා ඉතිම් මල උනාට වැඩක් නැ කට නම් වෑල්ඩින්ග් කඩයක්..
උසස්පෙල කරන්න බණ්ඩාරනායක එකට ආවට මගෙ කලිම් පාසල ක්‍රිස්තුරාජෙ ..ඒ ස්කොලෙත් හොද වුනාට මන් මේකට වැඩිහරියක්ම ආවෙ මෙ තමාලයා හින්දමයි..මොනා වුනත් අපි දෙන්නාට අපි දෙන්නා නැතුව බැ වගෙ තමා ඉස්සර ඉදම්ම ..ඉස්සර ඉතිම් පොඩි කොස්සකට තිබ්බෙ ස්කොල දෙකක් වුන එක..දැන් එ කොස්සත් නැ එකම ස්කොලෙ දෙන්නම එකම සබ්ජෙක්ට් තෝරගත්තා..හරි විශේෂ යාලුකමක් වගෙ නෙද..ඇත්තටම එකම ජාතියෙ පිස්සො දෙන්නෙක් හින්දම තමයි ඒ...

"එක්ස්කියුස් මී මල්කාන්ති මිස්..12 පන්තියේ පන්තිකවේ තින නිසා දෙමව්පියන්ට මේ පන්තිය දෙන්න වෙනවා..මිස් අපිට දැන් පන්තිය දෙන්න පුලුවන් නෙද"

"ආ..හරි ඉනෝක මිස්..ළමයි එහෙනම් පෙපරෙ ලග තියාගන්න..ඊලග දවසේ සාකච්ඡා කරමු"

අනෙ අම්මො දෙයියො බලන්න වගෙ අපෙ පන්තිභාර මිස් වැඩියා..අද ඉතිම් පන්තිකවේ..අපෙ අම්මටත් මන් යහමින් සෙමින් කියලා කොමහරි එන්න කියන පනිවිඩේ දුන්නා..ලකුනු අවුලකුත් නැ දහදෙනා අතර ඉන්න නිසා ශේප් ..තමාරයට නම් ඉතිම් මල් හතයි පොර කොහොමෙන් හරි දෙවනියා වෙලානෙ..මගුල් ගෙදර කපුවා වගෙ අද ඉන්නෙ ඉතිම්..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now