Chapter 45

903 109 41
                                    

" ඒ මල්ලි පොළිමේ හරියට ඉන්නවකො..ඔව් ඔව් තමුන්ට තමා.."

"ඉස්සරා හැරිලා ඉදපම්..ආයෙ කියවනො දැක්කොත් ස්ටේජ් එකට යන්න පුලුවන් හොදෙ.."

උදෙ රැස්වීමේ කියන්නෙ ඉස්සර එපාම කරපු දෙයක්..ඉගෙන ගන්න කාලෙත් උදෙ රැස්විම සෙට් වුනා..උගන්නන කාලෙත් ආයෙම රැස්විමෙ කට්ට කන්න වුනා..

මන් බලාගෙන අවිනාෂ් පොඩි කොල්ලො ටිකකට පාට් දානවා..ස්කොලෙ ඉන්න නසරානිම කල්ලියත් ප්‍රිෆෙක්ට්ස්ලා..යොවුන් ගහක් යටට වෙලා කලිසම් කොට අයගෙ දාර ගලවනවා..ඒකාටත් රෙද්දක් ගලවන්න තිනොනම් වෙන මුකුත් ඔනිනැ..

අවිනාෂ්ව දකිද්දි මට මතක්වෙන්නෙම ඉස්සර උදෙ රැස්විමෙදි ඔය විදියටම අපිට සද්දෙ දැම්ම එයාව..තමාලයා කිව්ව කතාව ඇත්ත..මන් ඒකාලෙ හෙන මොඩයා..එයා එච්චර ලගින් ඉදලත් මට අවදානෙ දෙන්න බැරිවුනා..සැක් ඉස්සර යසස් අයියට හිත ගිහිල්ලා ඉදපු හැටි විතරක්..එතන තිබුනෙ ආකර්ශනයක් විතරයි..ආදරෙ කියන්නෙ මොකද්ද කියලා හරියටම දැනගත්තෙ මන් සුදු අයියාගෙන්...අවිනාෂ් මට සුදු අයියා කියද්දිත් මතක් වෙන්නෙ එයාව..මෙ අවුරුදු හයට එයාව මතක් නොවුන මොහොතක් නැතුව ඇති..

ඉස්සර උදෙ රැස්විමෙදි අපෙ පොලිමේ ඉදන් ටිකක් එහාට වෙලා ඉන්න එයා දිහා හොරෙන් ඉස්සි ඉස්සි බලාගෙන ඉදපු හැටි තාමත් මතකයි..එයා මගෙ ජිවිතෙට ආපු කාලෙ තමයි මට හම්බුන හොදම මතක තිබුනේ..රැස්විමෙදි එහාට මෙහාට යද්දි මන් ගාවින් යන්නත් එයා අමතක කරෙ නැ..සමහර දවස් වලට මගෙ පිටිපස්සෙනුත් හිටන් ඉදල තීනවා..එදාට ඉතිම් එ සුවදෙන් මන් මත්වෙනවා..මාව අවුස්සන්නම ලගින් යද්දි ඇගෙ හැප්පිගෙන යනවා..එතකොට මන් අහුවෙන තැනක් හයියෙන් මිරිකනවා..රිදුනත් මෑන් සද්දෙ නෑ..කාගෙන යනවා..තමාල් ඇරෙන්න වෙන එකෙක් එක්ක ෆිට් එකෙ කියවන් ඉන්නවා දැක්කාම ඉතිම් විනාකිරි සුවදේ බෑ..එවෙලෙට එයා මාව ඇදන් ගිහින් පොලිමේ පිටිපස්සෙන් හිටවලා එතනිම් හෙල්ලෙන්නැතුව ඉන්නවා..සමහර දවස් වලට ඉතිම් මන් ඕනකමින්ම ලග එකා එක්ක අයියට පේන්නම කියවනෝ..එතකොට ඉතිම් මට ඕනි දේ වෙනවා..

අම්මගෙන් තාත්තගෙන් මට ආදරෙ ආරක්ෂාව හම්බුනා ඒක ඇත්ත..ඒත් අයියා තරම් මාව තෙරුම් ගත්ත..මගෙ හිතට ලංවුන..මට ආරක්ශාවක් දැනුන කෙනෙක් නෑ තවත්..මන් අදටත් විශ්වාස කරනවා එදා ඔයාට මාව දාලා යන්න සාදාරන හෙතුවක් තියෙන්න ඇතී කියලා..අපෙ මතක අමතක කරලා ඉස්සරහට යනවා කියලා කිව්වත් මන් හිතන්නෑ ඔයාව අමතක කරන්න මෙ ජිවිතෙ දි මට පුලුවන් වෙයි කියලා ..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now