Chapter 2

2.5K 260 40
                                    

.
.
.
.
.
.
.
මන් ගෙදර ආව ගමන් නින්දට වැටුණා..හිතට අවුලක් දැනුනම මට ඕනිම නිදාගන්න..නිදිපෙති බිව්වා වගෙ එතකොට එක දිගට දවස් දෙකක් වගෙ නිදාගන්න උනත් පුලුවන්..මන් නැගිටිද්දි
හයත් පහුවෙලා..අම්මා කුස්සියෙ උයනවා..මූන ටිකක් හෝදම් කුස්සිය පැත්තට ගියා..අම්මා උයද්දි හැමදාම වගෙ මන් එයා එක්ක කයියක් ගහන් ඉන්නවා..ඔහොම ඉද්දි අනිවාරෙම් වැඩක් දෙකක් කරන්න සිද්ද වෙනවා..හැබැයි පොල් ගාන වැඩෙ තමයි මට පේන්නම බැරි..මට උයන්න බැරි නැහැ එත් අම්මා උයන වෙලාවට මන් ඉන්නෙ උයන්න දන්නැ වගෙ..ඕන් අම්මට අසනීප වුන දවසකට වගෙ මන් තමා ගෙදර උයන්නෙ..

"බබා..තාත්තට කන්න එන්න කියන්න.."

තාත්තටත් එන්න කියලා අපි රෑට කෑවා..

"කොහොමද ස්කූල් වැඩ.."

"ලොකු අවුලක් නැ තාත්තෙ..දැනට කරගෙන යනවා.."

අපෙ තාත්තා වැඩිය කතාවට එන එක්කෙනෙක් නම් නෙමෙයි..නිහඩ චරිතයක්..ඉදල හිටලා වචනයක් දෙකක් කතා කරොත් තමා..හැබැයි අවශ්‍ය දේට කට අරිනවා..අනෙ මන්දා මිනිස්සුන්ගෙ දත් ගලොලා මෙයාට එයාගෙ කට ඇරගන්න අමතක වෙලාද කියලත්..ඉදල හිටලා එකපාරට එයා මගෙන් 'චූටි කෑවද..කෑම හොදයිද..දැන් මොකද කරන්නෙ..'
ආන් එතකොට බඩු බනිස්..මෑන් මූඩියක් විතර ගහලා කියලා අපි එදාට දැනගන්නො..අපෙ තාත්තගෙ කට ඇරගන්න නම් සොට් එකක් ගස්සන්නම ඕනි..නැත්තම් සමහර දවස් වලට කෑවද...එච්චරයි..ගමනක් ගිහිම් ආවම..ආ ආවද..එච්චරයි..පේශන්ස්ලා එක්ක වුනත් අවශ්‍ය දේ ඇරුනම ආයෙ වෙන කතා නෑලු..සහයට ඉන්න මිසීලටත් එච්චරයි..

කාලා ඉවර වෙලා රූම් එකට ගිහිම් ගිය සතියෙ එකොන් ක්ලාස් එකේ වැඩ කරන්න ගත්තා..සතියක් ගියා මන් වැඩ කරන්නෙ ක්ලාස් එකට කලින් දවසෙ රෑටමයි..නෑ ඉතිම් අමතක වෙනවනේ..එ අස්සෙ මට ආයෙ යසස් අයියව මතක් වෙනවා..ඔව් ඉතිම් එකොන් ක්ලාස් කිව්වම එයාව තමයි මතක් වෙන්නොනෙ..මොකද එයානෙ මෙ ක්ලාස් එක හොයාගන්න උදවුත් කරෙ..අපෙ තමාලයගෙ නැන්දගෙ ගෙදරට අල්ලපු වැටෙ තමයි මගෙ යසස් අයියා ඉන්නෙ..ඉතිම් තමාලයා යසස් අයියාගෙ මාර්ගෙන් තමා ක්ලාස් එක හොයාගත්තෙ..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now