Chapter 12

1.5K 187 25
                                    

නමය පහුවෙද්දි වගේ කිරියා හැලිය ලිපේ තියලා හදන්න ගත්තා..හාල් පිටි වලට පොල්කිරි දාලා සීනී සුවද ගහන්නද කොහෙ එනසාල් ඇටයි කජුයි තව මොන මොනාද දානවා මාත් පැත්තක ඉදම් බලන් ඉදියා..මට මතකයි ඉස්සර අපේ ගෙදර කිරිදානෙ තියෙද්දි ආච්චිලයි නැන්දලයි අක්කලයි වටේ ගෙවල් වලින් හිරමන ඉල්ලන් ඇවිල්ලා තරගෙට වගේ පොල් ගහනවා..
ජින්ජි බරස් බරස් බරස්..අපෙ ආච්චිගේ පොඩි හිරමනේ ජින්ජි බරස් බරස්......
ඒකත් ආතල් ඉතිම්..ඒකාලෙ මාව ලග තියාගන්නැ පොල් කාලා දුවයි කියලා ශුවර් නැති හින්දා..හේ හේ..මෙහෙනම් ඉතිම් මැශින් එකක් ගෙනල්ලා පොල් ගෙඩි ටික එකපාර ගාලා දැම්මා..

අද සිරන්තියාගෙ දොන්ත මූඩ් ඕෆ් කරලා ශිරන්තී මෝඩ් එක ඔන් වෙලා..ෆුල් සීරියස් පිට ඉන්නෙ..එහෙටයි මෙහෙටයි දුවනවා අල්ලන්නත් බෑ..මේ ඉන්නවා මේ නෑ..
තමාලයනම් බඩු තිබ්බ තැන නැ කියන්න ගිහිම් දහපාරකට වඩා බැනුම් ඇහුවා..

"ඕ උබ දන්නැ උබ මේ ගෙදර නෙමෙනේ ඉන්නෙ..උබ පිට එකා මන් විතරයි මේ ගෙදර එකෙක්ට ඉන්නෙ..හැමදේම මගෙන්ම අහපම් ඒක නිසා.."

ශිරන්තිගේ දවසේ වැකිය..ඔහොම තමා ඉතිම් වැඩක් තියෙද්දි අම්මලා..තමාලයත් ඉතිම් මොකාද එකා වගේ හැමඑකම අහනවා..උගේ අයියා කැල්වින් ආවෙ රෑවෙලා..පොරට ඉතිම් කැම්පස්නේ..දැන් තමා ඉතිම් වැඩ පටාන් ගන්නෙ..

කිරියා හැලි තුනක් හදන්න තියෙනවලූ..ම්ම් ගමකට දෙන්න පුලුවන්..හැලිය ලිපේ තිබ්බේ දැන් නිසා තාම නටන්න හිතලවත් නෑ..එවුනාට තියපු වෙලේ ඉදම් පත්තෙන් හැදිගහනවා..අන්තිම හැලිය හදන වෙලේ මාත් ටිකක් හැදිගාන්න ඉල්ලගන්නොනේ අප්පා ආසාවෙ බෑ..කිරියා ටික ඝනට එනකම්ම හැදිගාන්නෙ පත්තෙන්..ඝන වැඩිවුනාට පස්සෙ පත්තෙම් ගාන්න අමාරු නිසා ප්ලාස්ටික් පිගානක් අරගෙන කවලම් කරනවා..ලේසි වැඩක් නෙමෙ පිගාන රත්වෙද්දි අමාරුයි..අනික ලන් වෙලානෙ කලවන් කරන්නෙත්..කොමහරි තෙල් පෑදෙනකම් පත්තෙන් කලවන් කරන්න ඕනි..අන්තිමට කිරියා ටිකට අතින් තට්ටු කරලා ඇලෙන්නැතුව තෙල් පෑදිලා තියෙනවනම් පදම හරි..කිරියා ගානට..

ඊට පස්සෙ ලිපෙන් බාලා කෙසෙල් කොල දාපු මේසෙ උඩින් වත්කරලා ගානට වඩවන්න ඕනි..වඩන වැඩෙ ඉතිම් ආයෙ නැන්දලා කරන්න ගත්තා..ඔය වගේ දෙවනි තැටියත් හදලා තුන්වෙනි එකත් ලිපේ තිබ්බා..කට්ටියටම දැන් හොද ගනම් ඉතිම්..කලවැදිස් නම් හරියට මහන්සි වුනා..අයියලටත් පුදුමයි පොර ගැන..කතා බහ අඩු වුනාට හොද කොල්ලලු...ම්ම් හාකො හාකො මන්
පිලිගන්නම්..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now