Chapter 16

1.4K 194 15
                                    


තිනෙත්‍රගෙ දින සටහන් 2

එතනිම් එහාට දුවන් එන්න පනක් ආවෙ කොහොමද කියලා මන් දන්නෙ නැහැ.දිනුම් කනුව මට පෙනි පෙනිම යෂ් පහුකරන් ගියා.කකුල් වල ලේත් බේරන් දුවන් එන මන් දිහා හැමොගෙම අවදානය යොමු වෙද්දි දිනුම් කනුව පහු කරලා ගිහින් බිමට ඇදගෙන වැටුනා.

යෂ් තව කොල්ලො දෙන්නෙක් එක්ක ඇවිත් මාව ගිලන් කාමරේට එක්කන් යන්න කලින් තමාල් මල්ලි ආපු හින්දා එයා බෙහෙත් දාන්නම් කියලා පැත්තකින් වාඩිකරවලා මගෙ තුවාල පිහින්න ගත්තා.එයා ඉන්නවා පැත්තකින් හිටන් මගෙ දිහා බලාගෙන.එයා ඉන්නෙ දුකෙන් කියලා ඒ ඇස් බැලුවම තේරෙනවා.සමහර විට එයා මට අනුකම්පා කරනව වෙන්නත් පුලුවන්.

වේදනාම විදලම හරි මහන්සි  මට.මනුස්සයෙක්ට දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා.මේවයෙ කෙලවරක් කවදා දකින්නද.තමාල් මල්ලිගෙ අත ගැහෙන නිසා තුවාලෙ පිහිදද්දි රිදෙනවා.එයාට ලේ දකින්න අමාරු ඇති.එහෙනම් බැරිවැඩ නොකර ඉන්න ඕන.තමාල්ගෙ අත එයත් දැකපු නිසාද කොහෙද පුලුන් කෑල්ල ඉල්ලන් එයා බේහෙත් දාන්න ගත්තෙ.

හරි හිමීට පිබ පිබ එයා බෙහෙත් දාද්දි වේදනා අස්සෙ හිතට සතුටක් දැනුනා.හැම අදුරු වලාවකම රිදී රේඛාවකුත් තියෙනවා කියවනලුනෙ.එකාතකට මන් වැටුන හින්දනෙ එයාට කියලා බෙහෙත් දාගන්න පුලුවන් වුනේ.එක්තරා විදියක බොලද පෙම්වතෙක්ගෙ චරිතයක් දැන් මන්...
ඉස්සර ඉදපු මමද මේ ඉන්නෙ කියලා මටත් සැකයි.

තුවාල හොද වෙන්න දවස් දෙකක් විතර ගියා.දවස් දෙකක්ම ඒ රූපෙ නොදැක මන් ඉදියෙ හරි අමාරුවකින්.එයාට හොරෙන් අරගත්ත එයාගෙ ෆොටොස් දිහා බල බල එ දවස් දෙක ගෙවිලා ගියේ මුස්පෙන්තු විදිහට........

තුවාල වේලුන නිසා ඇවිදගන්න ලොකු අවුලක් වුනේ නැහැ.මීට් එකෙ වැඩ දවස් දෙකට ගොඩ ගැහිලා තිබ්බා.උදේ දැක්කට පස්සෙ ආයෙ එයාව දැක්කෙ ස්කොලේ ඇරිලා ඉවර වෙලා ග්‍රවුන්ඩ් එකේ ඉද්දි.හවුස් හදන්න බට කපන්න එයත් ගිය නිසා උස්සන් ආපු පුවක් කදවල් ටික ඉන්න අයට කඩන්න දිලා එයාව බලන්න වලව් වත්ත පැත්තට ගියා...

මගදි යෂ් වයි අදීශවයි හම්බුන නිසා එයාලත් එක්ක වත්තට යද්දි එයාගෙ යාලුවො දෙන්නා විතරක් ගහක් අල්ලන් රන්ඩු වෙවී ඉන්නවා දැක්කා.එයාවත් තමාල් මල්ලිවත් පේන්න ඉදපු නැත්තෙ ඇයි කියලා අර කොල්ලොන්ගෙන් ඇහුවම එයාලත් දන්නෙ නැහැයි කියද්දි කලබල වුන මම යෂ් එක්ක වලව්ව පැත්තට දුවන් ගියා.

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now