Chapter 7

1.6K 193 32
                                    

.
.
.
.
.

ස්කොලේට ගිය වෙලේ ඉදන් මගෙ රාජකාරිය ෆයිල් උස්සම් පිට්ටනියෙ එහාට යන එකයි මෙහාට දුවන එකයි...
මේ කලවැද්දා ගාවින් හෙලවෙන්නවත් බැහැ..උදෙ ඉදන් තරගවලට ලමයින්ව තෝරනවා..පොඩි කොල්ලො සෙට් එක දුවවලම හති..දැන් ඉන්නෙ after o/l සෙට් එකයි අපෙ වයසෙ සෙට් එකෙන් තොරගන්න විතරයි..

තමාලයත් උදෙ ඉදන්ම කට්ටිය තෝරලා මහන්සී කියලා අඩ අඩ ඉන්නවා..

"මහා වුට්ටක් වුනානෙ බන් මේක..එපා වෙනොනෙ ඕයී..කකුල් දෙක නැ වගෙ බන්.."

"මන්දා බන් මාත් උදෙ ඉදම් මෙ ලබ්බ උස්සම් එහෙම මෙහෙට දුවනෝ..ඊලගට අපෙ උන්ව තමා තොරන්න තීන්නෙ..උබ මොනාටද යන්නෙ.."

"උසටයි,දුරටයි යනො බන් මට උබට වගෙ ඔය විසිකිරිලි බෑ කියල දන්නොනෙ..තුන් පිම්මටත් දායි කොහොමත්.."

"එහෙනම් තව ටිකෙන් උබවත් ගන්න වෙයි..මට තරග තීන්නෙ අනිද්දට වගේ..හෙට මැරතන් එකලු නේහ්.."

.
.
තමාලයා නම් කොහොමෙන් හරි උසයි දුරයි පැනගත්තා..මට නම් ඔය පැනිලි බැහැ...දවසක් උස පනින්න ගිහිම් පැනපු පාරට පස්ස බිම ඇනිලා කොන්දත් හෙලවුනා..පස්සෙ කෙලින්  වෙන්න බැරුව  එතන ඉදපු උන් ටිකක් මගෙ කොන්දත් පෑගුවා බිම දාගෙන..

"ආ..පලාගත්තා නේද කලිසම..උබලට අං ඇවිල්ලනෙ..කට කැඩෙනකම් කිව්වා හෙට එනකොට අමතර ඇදුමක් දාගෙන වරෙල්ලා කියලා..හරිනෙ දැන් අමාරුව..ඔහොම්ම ඉදපම්..තොපිලා ඔක්කොම එකයි.."

මෙ කලිසම පලාගත්ත තුන්වෙනියා..මල්කුමාරි මිස්ටත් මලපැනලා බැනගෙන බැනගෙන ගියා..මිස් නිකම් අද මාලනී ෆොන්සේකත් වගේ ටිකක්..සග දාලා හැට් එකත් දාගෙන සාරිය කරවටේ දාන් කෑල්ල වගේ ඉන්නෙ..ඒ අස්සෙ fb එකේ තිබ්බ පොස්ට් එකකුත් මතක් වුනා..අර නිකී ජාතියෙ බල්ලෙක්ට සගක් දාලා ඔලුවත් ලේන්සුවකින් වගෙ ගැටගහලා තීන meme එකක්..අම්මොහ්..මිසුත් ඉන්නෙ අපේ හවුස් එකෙ නිසා ලේසිවෙන්නෑ..අපෙ උන් බාගෙට බාගයක්  ඇදුමක් ගෙනල්ලා තිබ්බෙ නැ..මෙහෙම ගියොත් ගෘහවිද්‍යා කාමරෙ දන්සැල් පෝලිම වගේ කලිසම් පෝලිමක් තියෙයි..

"සප්ත දුර පැනලා බලමු එකපාරක්..අනිත් එක නම් ඕන නැ..මෙකෙන් තේරිලා ඉන්නෙ තමාල් විතරයි..ඔයාලගෙ හවුස් එකෙන් ප්ලේස් එකක් නැහැ දැනට..ඔයත් පැනලා බලන්න ඔහොම්ම.."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now