Chapter 50

1.3K 108 20
                                    

බීප්...බීප්..බීප්...

මැෂින් ගොඩක් මැද්දෙ නිදාගෙන ඉන්න මංචනායක සීයා දිහා සීයාපප්පා ICU රූම් එකේ දොරේ කවුලුවෙන් දැන් පැය ගානක් තිස්සෙ එක විදියටම බලාගෙන ඉන්නවා..එයා එතන ඉදන් හූල්ලනවා..ආයෙම කරේ තීන දර්ම චක්‍රේ අල්ල අල්ල මොනාදෝ මතුරනවා..

පවුල් දෙකම මෙතන..යන්න කිව්වත් ගියේ නෑ..භාගයක් කැන්ටින් එකට ගියා..ඉතුරු බාගෙ පේලියට වාඩිවෙලා ඉන්නවා සීයා නැගිටිනකම්..

ඩොක්ටර් ඇවිත් කියලා ගියේ එයාට panic attac එකක් ඇවිත් කියලා..සිහිය එනකම් මුකුත් කියන්න බැරිලු..

ඔය අතරේ අපෙ නැන්දා ගිහිම් අයියාගෙ ඇත්ත තාත්තාව බදාගෙන අඩනවා..රොශෙල්ගේ අම්මා එයාගෙ නන්ගිවෙලත් තාම වචනයක්වත් කතා කරෙ නැද්ද කොහෙ..මේක මහා අමුතු පවුලක්..

"වස්තූ..මොනාහරි බොනවද.."

"දැන් බැ අයියේ..ඔයාට ඕනිද.."

"මටත් එපා..කාර් එකට ගිහින් ඉන්න ඕනිද..තෙහෙට්ටු පාටයි..තමාල් එක්ක යන්න රත්තරන්.."

"බෑ අයියෙ..අපි තව ටිකක් බලමුකෝ.."

"ම්ම්..කො එන්න එහෙනම්..මගෙ ඇගට හේත්තුවෙලා ටිකක් නිදාගන්න.."

අයියා ඇවිත් මගෙ ඔලුව එ උරහිසේ තියාගෙන ටිකක් නිදාගන්න කිව්වා..ටිකක් මහන්සී නම් තමයි..එත් මෙයාලාව මෙහෙම දාලා යන්න හිත දෙන්නෑ..

අයියට හේත්තුවෙලා ඉද්දියි මන් අවිනාෂ්ව දැක්කේ..කොල්ලා බංකුවක වාඩිවෙලා ඔලුවත් බිත්තියට හේත්තු කරගෙන අපි දිහා බලන් ඉන්නවා..

එයාටත් දුක ඇති...මට ලොකු ඇදුරුම් කමක් නොතිබ්බත් ඒ කොල්ලාගෙ සීයා කෙනෙක්නේ..

එකපාරටම සීයාගෙ රූම් එකට නර්ස් කෙනෙක් දුවන් යද්දි හැමොම කලබල වුනා..එත් එක්කම ඩොක්ටත් ඇතුලට දිව්වා..

අපි හැමෝම දැන් බලන් ඉන්නෙ ඩොක්ටර් එලියට එනකම්..

විනාඩි පහකිම් වගෙ දොර ඇරුනා..

"ඩොක්ටර් එයාට.."

"කලබල වෙන්නෙපා..පේශන්ට සිහිය ආවා.."

අනෙ දෙවියන්ට ස්තූතිවෙන්න එයාට දැන් හොදයිලූ..සීයාපප්පාගෙ මූනෙ සතුට..බලන්න ආසාවෙ බෑ..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now