Chapter 13

1.6K 180 52
                                    



"යෝහ් කැල්වින් කෙලෙනියෝ...ඉක්මන්ට වරෙම් බේසාවෝ..ඕකේ පැලවෙලාද තෝ...."
"වරෙම් යකෝ..තො දැන් පැය දෙකක් තිස්සෙ ඕක ඇතුලේ..උබ රැවුල කපනවද..නැත්තම් රැවුල් ගස් හිටවනවද..ඇරපාම් මෙ දොර.."
"ආ දැන් උබ එන්නැද්ද..ආ එන්නැද්ද..හැබැයි පුතෝ උබ දැන් නාවොත් තෝ ගිය සතියෙ අලුතෙන් කැල්වින් ජොක්කු සෙට් එකක්ම ගත්තා කියලා උබේ කෙල්ලට කෝල් කරලා කියනවා මන් හොදේ..තව තප්පර දහයයී....නමයයී.....අටා..."

"වරෙම් වරෙම් උබ නම් දේව සාපයක් පොඩි පගයා.."

උදේ පාන්දරම තමාලයයි කැල්විනයයි හෝදගන්න වලී..සහෝදර ප්‍රේමේ ඔහොම තමා ඉතිම්..කැල්වින් අයියට ඉන්නෙ ජොක්කු හෙරක්..අයියා අලුතෙන් ජොක්කු සෙට් එකක් ගත්තොත් අනිවාරෙම් කෙල්ලට එකක් දෙන්න ඕනිලු..ඒක හින්දා කැල්විනයා ජොක්කු ගන්නෙ කෙල්ලට හොරෙන්..සූද්ද සින්හලෙන්ම කිව්වොත් මුන්ගෙත් හරි පකේ ලයිම් අප්පා...අපේ ගෙදර නම් ඔය නාන ප්‍රශ්න නැ..ටැංකිය හිදෙනකම්ම නාන්න පුලුවන්..එ වුනාට ඉතිම් මේවගේ පොඩි වලිත් හරි සුන්දරයි..මෙහෙ ආවම බලාගන්න පුලුවන් වුනාට මට විදින්න නම් පුලුවන් වෙලා නැ..සහෝදරයෙක් ඉදියනම් හොදයි කියලා හිතෙනවා..නැති අයට තමා කෝමත් අගය දැනෙන්නෙ..තමාලයනම් කියන්නෙම ඌ විතරක් ඉදියනම් එකක් කියලයි..ඉන්න උන්ට අගේ නැහැ එච්චරයි..

කැල්වින් අයියට ඉස්සර ඉදන්ම බාතෘම් එකට ගියහම පැය තුන හතර වෙනකම්ම හෝදන පුරුද්දක් තියෙනවා..පල්ලෙහා බාතෘම් එකට  කට්ටිය පෝලිමට යන්න බලාගෙන ඉන්නවා කියලා කැල්විනයා මේක අස්සට රින්ගුවා..මූ ගියේ හතට දැන් වෙලාව නමයයි කාලයි..ඉස්සර ඉදන්ම මුගෙ වැඩේ වතුර නාස්ති කර කර ඉන්න එක..දවසක් මූ මෙච්චර වෙලා බාතෲම් එකෙ මොන මගුලක් කරනවද කියලා බලන්නත් එක්ක තමාලයා බංකුවක් තියලා නැගලා බලන් ඉදියලූ..මු බැලින්නම් කැල්වින් අයියා මයිකල් ජැක්සන් ආරූඩ වෙලා වගේ ඩාන්ස් දානවලූ..එකපාරට අර ජැක්සන් දාන කෑල්ලක් තියෙන්නෙ "ආඌඌ" කියලා ආන් ඒ ඇක්ශන් පාර දාලා මූ නැටුම ඉවර කරාලු..ඉතිම් කෝමහරි අයියා නාගෙන ආවට පස්සෙ තමාලයා හැමෝම ඉස්සරහා අයියා දාපු ඇක්ශන් පාර දාලා පෙන්නුවම මෑන් ලැජ්ජාවට එතනිම් දිව්වලූ..එදා ඉදන් ටික කාලයක් යනකම්ම ඕක අල්ලන් තමාලයා මේයකාට විහිලූ කරා...

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now