Chapter 27

1.2K 144 52
                                    

"මන් ආයෙ කියන්නැ තමාල්ගෙන් ඈත්වෙයම්..."

"උබ කවුද යකො මගෙ මල්ලිගෙන් ඈත්වෙන්න කියන්න.."

"අනෙ ඔහොම කෑගන්න එපා අයියේ..මේ මාත් එයාට කැමති අපි එයාගෙ උත්තරේ අහලා බලමු.."

නුරාග් අයියා තමාල්ගෙන් ඈත්වෙලා ඉන්න කියලා ජෝනි අයියගේ කොලර් එකෙන් ඇදලා කියද්දි..ජොනි අයියත් ආපිට කෑගහන්න ගත්තා..ඒ අස්සෙන් යසස් අයියා ඇවිල්ලා එ දෙන්නගෙ රන්ඩුව බේරනවා..

ජොනි අයියගෙන් හොම්බට පාරක් ඇනගත්ත අපෙ මස්සිනා දනිස්ස නවලා ජොනිගේ අහවල් එකට සොට් එකක් දුන්නා..අයියෝ..මෙන්න මිනීමරනෝ..උන් දෙන්නා ගහගද්දි යසස් අයියා මැද්දෙන් පැන්න නිසා එයාටත් සොට් එකක් හම්බුනා..අඩො අයියේ ගොන් කියලා ඔහොමත් ගොන් වෙනවද..මෙ මනුස්සයා ඉල්ලන් කන්නෙ..එයාටත් මල පැනපු පාර ආයෙ ජොනි අයියට ගහද්දි..ජොනිට ගහපු යසස් අයියගේ කම්මුලට එකක්  නුරාග් අයියා ගැහුවා..ජොනි අයියා නුරාග් අයියට ආයෙ කම්මුල් පාරක් ගහද්දි යසස් අයියා ජොනි අයියගෙ කම්මුලට එකක් දුන්නා..නුරාග් අයියා ආපිට යසස් අයියට ගහද්දි ජොනී අයියා උටම ගහ ගත්තා..යොහ් මොකද්ද යකො මෙ වෙන්නේ..මස්සිනා ජොනි අයියව බිම පෙරලගෙන ඇග  උඩ ඉදන් නෙලාගෙන යද්දි යසස් අයියා මස්සිනාගෙ ඇගට නැගලා අස්සයා ගෝන් ටික් ටික් කරන්න ගත්තා..ජොනි අයියා එ දෙන්නාව තල්ලු කරපු පාර යසස් අයියගේ ඇග නුරාග් අයියට යට වුනා..මන් එ දෙන්නව නැගිට්ටන්න යද්දිම කෑම මේසෙ අස්සෙ රින්ගන් ඉන්න තමාලයව දැක්කා..මූ යකෝ..උබ හැන්ගිලා හරියන්නෑ..මේ අර්බුදේ උබ හින්දා ඇතිවුනේ..වරෙන් යකෝ..ජොනී අයියා නැගිටලා ඇවිත් නුරාග් අයියට ගහන්න යද්දිම තමාලයා මෙසෙ අස්සෙ ඉදන් ජොනි අයියගේ කකුල අල්ලපු පාර කරනමක් ගහපු ජොනි අයියගෙ මූන මස්සිනාගෙ ඩින්ගිරාල ගාව වැදුනා..

"යොහ් සප්තයො පුක උඩ දාන් ඉන්නැතුව නැගිටලා වරෙන් යකෝ.."

"නැගිටපන් බේසාවො ආන් උබේ මිනිහා සෙනග පිරිවරාගෙන ඇවිල්ලා.."

"අම්මපා තො නැගිට්ටෙ නැත්තම් කකුලෙන් ඇදන් ගිහින් සාලෙට දානවා හරිද.."

මොකක්..තමාලයගෙ කටේ සද්දෙට උඩ ගිහිල්ලා ඇහැරුනාමයි තේරුනේ ඒක හීනයක් කියලා..යකො ටහිකෙන හීනනේ..අම්මො දාඩියත් දැම්මා..

දෑගිලි ✔( complete )✨Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ