Chapter 29

1.1K 130 24
                                    

මේ තැබිලි පාට අහස යට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ තැබිලි පාට අහස යට.. රැලි ගහන මුහුදේ සද්දෙත් එක්ක..නහයට දැනෙන මුහුදු සුවද..යටිපතුල් වලට දැනෙන වැලිවල ස්පර්ශය..විටෙන් විටක ඇසෙන කුරුලු නාදය..සිසිල් සුලං පිරුනූ මේ සැදෑව ඒ උරහිස උඩට වෙලා බලාන විදගන්න මට පුලුවන් වුනා..

අපි දෙන්නගේ පැටලුනු අත්..එයාගෙන් මට දැනෙන උනුහුම..කර වටේ තියෙන එයාගෙ අතින් දැනෙන ආරක්ශාව..විටෙන් විට නලලට හම්බෙන පුන්චි හාදුවල අපි දෙන්නගෙ ආදරෙ සතුට කැටිවෙලා තියෙනවා..
මන් මුහුද දිහා බලාගෙන භාවනා කරද්දි..එයා මගේ දිහා බලාගෙන භාවනා කරනවා..එයා කියන්නෙම මගෙ දිහා කොච්චර වෙලා බලන් ඉදියත් ඇතිවෙන්නෙ නෑ කියලයි..ඒවගේම තමයි ඉතිම් එයත්..

අපි මෙතනට කීයට ආවද කියන්න මන් දන්නෙත් නැහෑ..එත් අපි දෙන්නගෙ හවස් වරුව ගතවෙලා ගියෙ මේ වෙරල තීරෙ උඩ..අපි දෙන්නා කිව්වට වෙනම පැත්තක තව දෙන්නෙකුත් උන්නා..

ඉර ගිලගන්න ඔන්න මෙන්න තියෙද්දි හද අනිත් පැත්තෙන් මතුවේගෙන එනවා..හද එද්දි ඉර යන්න යනවා..හදට ඉඩ දීලා ඉර අහස අතාරිනවා..ආයෙ ඉරට ඉඩ දෙන්න හද යන්න යනවා..අහසටත් බැරිවුනාද එක්කෙනෙක් තියාගන්න..ඉරත් ඕනි හදත් ඕනී..අහස අත ඇරලා යන ඉර කොච්චර පව් ද..ඒවගේම ඉරට එන්න ඉඩදීලා බැහැලා යන හද කොච්චර පව්ද..
ඉරයි හදයි දෙන්නම පව් නම් එ වෙන්විම් දරාගන්න අහස කොච්චර නම් පව් ඇතිද..අහසට ඉරත් ඕනෙ හදත් ඕනේ..අහස එ දෙන්නා අතර දෝලනය වෙනවා..අහස දෙන්නගෙන් කෙනෙක් අතැරගන්න බැරුව ලතවෙනවත් ඇතී..එක්කෙනෙක්ව තෝරගන්න බැරුව දුක් වෙන්නත් ඇතී..
මොනාද බන් මන් මෙ හිතන්නෙ..මෙච්චර දාර්සනික වදන් උබට කොහෙන් ආවද..එක්කො උබට ඔල්මාදෙ..ගැලපෙන දෙයක් හිතපම්..ඔන්න ඉතිම් මගේ යටිහිත ඇඩ් දාන් එනවා..අනෙ අම්මපා..
නැහැ ඉදින්කෝ..දැන් අහසට දෙන්නවම අතෑරගන්න බැරි නිසා ඉර උදේට ඇවිත් හද රෑට ගෙන්න ගත්තා වෙන්න පුලුවන් නේද..හරි ඉතිම් අහස දෙන්නටම ලව් එ අතින් බැලුවම..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now