Chapter 33

1K 120 36
                                    

"ආ ආ මල්ලි බබාලා දැන් මේක හොදට කන් වලට දාගනිල්ලා හරිද..අපිත් දොලහා වසරෙ යස අගේට අවුරුද්දක් පවුල් කෑවා හැබැයි උබලා වගේ අලුත් පරන කියලා පිල් හදන් දෙපැත්ත කොටාගත්තේ නෑ..මන් හරිද සපා..ඔව් මං හරි..ආයෙ තොපි එකෙක් අලුත් පරන භේද දාන් ඇරගන්න ගියා කියලා ආරංචියක් ආවොත් මිස්ලා උබලට කොහොමත් දඩුවම් දෙයි එත් උබලා හැදෙන්නෑනේ..හැබැයි පුතෝ අපෙන් නම් උබලට ගැලවීමක් නැ හරිද..දකින දකින තැන ටෑන් ටෑන් හොදේ..යකො අපෙ උන් හොදයිනේ..මෙ බලාම්කො ශ්‍රීදරයා අලුත් එකා..මගෙ සපා අලුත් එකා..අර කොටා , බට්ටා , චූටි හිලා , සුප්පයියා , පොල්කෙන්දා..බලපම් මුන් ඔක්කොම අලුත් උන් වෙලත් උන් ඉන්නෙ අපිටත් වඩා පරන උන් ගානට මේක ඇතුලේ..ආයෙ නටාගන්න ලැස්තිවෙන්නෙපා සහෝදරවරුනී..කො දැන් මරාගත්ත පිල් දෙකේ නායකයො දෙන්නා අතට අතට දියම්..කො ඉතිම් මොනාද බලාන ඉන්නෙ අතට අත දිපම්..ඔයි කොටා ගෙනෙම් සීආර් පොතෙ මැද පිට්ටක්.."

"ආ ඔන්න ගෙනාවා..ඕන් දැන් බලාගනිල්ලා..කෝ ඔය නායක ලොක්කයියො දෙන්නා මෙහෙට වැඩියනම්..හරි..මෙන්න මෙ කොල බාගේ උබලා දෙන්නා හිටන් ඉන්න ඕනෙ හොදේ..."

"මොකක්..අනෙ මෙ අයියෙ.."

"ආ ඇයි ඇයි ඇයි උබ.."

"නැ නැ විශාලයා කෑගහලා කරලා මේව්ව විසදන්න බැ..ටිකක් ඉදපම්..අනෙ හුනේ නෙමෙ මල්ලි බබෝ..ඔයා අලුත් නිසා අයියලව දන්නැතුව ඇති ඒකට කාරි නෑ..සුචා උබත් අනෙ මන්දා..බලපම් ඉතිම් කාරි නැ උබලා දෙන්නා කොහොම හරි මේ කොලෙට නැගලා ඉන්න ඕනි..උබලා දෙන්නා බදාගෙන බැරිනම් වඩාගෙන හරි කමක් නැ කොහොම හරි ඉන්ඩොනෙ.."

අපේ දහතුනේ පලවෙනි වාරෙ පටන් අරන් සතියක් යන්නත් කලින් අලුතෙන් ආව දොලාහෙ සෙට් එක ලොකු අඩව්වක් ඇල්ලුවා..උන් අඩව්ව අල්ලලා ඉවරයි දැන් තමාලයා උන්ට කස්තිරම දාන හැටි කියලා දෙනවා..තමාලයා ඉස්සර වලිකාපර්..අට වසරෙදි විශාලයා එක්ක කෙල්ලෙක් බලන්න ගිහිම් නිබ්බෙක් ගෙ දතක් ගැලවෙන්ඩ දීලා ආපු සිගිති පාතාලයෙක් මූ..හැබැයි සිරන්තියා නිසා ඒක මුගේ පලවෙනි වගේම අන්තිම වලියත් වුනා.

"ආ ඔය නැග්ගෙ..ඔන්න ඔය අලුත් මල්ලි බබා...අදට විතරයි උබ අලුත් හොදෙ..මොකද්ද නම සියපත්..ආ රයිට් සියපතො..ඔන් අපෙ රග්බි කැපා නැග්ගා දැන් උබත් නැගපන්..බදාගත්තම ලේසි ඉතිම්..ආ හරි හරි තනි අන්ඩෙන් ඉදපම්..ආ දැන් ඔය සියපතාව බදාගනිම් අඩො කැපා..."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now