Chapter 28

1.2K 140 23
                                    

තමාලයා තුවාලෙ පිට දාන් සති දෙකක් විතර කට්ටි පැන්නා..ඌ නැතුව මන් තනියෙන් පාලුවේ ක්ලාස් වල පස්ස රත් කරන් කට්ට කෑවා..තමාලයා තුවාල කරගත්තට  පස්සෙ දවසෙ ඉදන් නුරාග් අයියා එක්ක හෙන ෆිට් එකේ ඉදියේ..මූ මේ අපිට පේන්න පානිය දැම්මට හිත යටින් නුරාග් අයියට ලව්..

ඔව්වා අස්සෙ පෙරේදා යසස් අයියත් ලෙඩා දුකා බලන්න ඇවිල්ලා හිම්බිජ්ජා වගේ තමාලයට කැමැත්ත ප්‍රකාශ කරලනේ..මුල්ම දවසෙ ඇගෙව්වලූ..දෙවනි දවසෙ මලුත් උස්සන් ඇවිල්ලා නොකියා කිව්වලූ..තුන්වෙනිම දවසෙ කේක් ගෙඩියකුත් උස්සන් ඇවිල්ලා කියලම දාලා..මේ මනුස්සයා හිතුවද දන්නැ කේක් ගෙඩිය උස්සන් ආපු පලියට කොල්ලෙක් කැමතිවෙයි කියලා..යසස් අයියා කරපු වැඩෙන් කනක් ඇහිලා ඉන්න බැරිවුනේ අන්තිමට මට තමා..

දොන්තයා පැයෙන් පැයට කොල් අරන් උගේ ඇඩියාව දිගාරිනවා..මේ ඇටගෙම්බා මට දැනුයි කියන්නෙ උට ඒකාලේ යසස් අයියා ගැන පොඩි මෙව්වා එකකුත් තිබුනයි කියලා...මන් ඇහුවා එහෙම එකක් තිබ්බනම් ඇයි කැමතී කියන්න බැරි කියලා..මෙ යකා කියාපිය එහෙම කැමතී කියන්ඩ බෑය..දැන් නම් කොහොමටවත්ම බෑ කියලා..නුරාග් අයියට කැමතිද කියලා ඇහුවම ඒකටත් උත්තරයක් නෑ..එ වුනාට දැන් දවස් තුනක ඉදන් නුරාග් අයියා බලන්න ආවෙ නෑ කියලා හරි සංතාපෙන් ඉන්නෙ..මේ සමෝසා ආදර වෘතාන්තය විශාල කරදරයක් වුනානෙ..

"බලපම් උබත් යාලුවෙක්ද මන් අහන්නෙ..ලෙඩෙක් බලන්න එද්දි අත වන වන පාරේ ආවෙ වගේ එන්නැතුව කේක් ගෙඩියක්..චොකලට් මාරි බිස්කට් එකක්..හරි ඒත් බැරිනම් කිරි පැකට් එකක්වත් අරන් වරෙන්..මන් අහන්නෙ අර උබලැ වත්තෙ තීන පේර ජම්බු කාබරන්කා වෙරලු මසන් ජම නාරන්......ගෙඩියක්වත් උස්සන් එන්න බැරිද..අඩුම තරමේ පොල් ගෙඩියක් හරි.."

"ඇයි තොගෙ ඔලුවෙ ගහන්නද..දැන් ඔය මගුල වේලිලානෙ..පය ගහලා ඇවිදපම්..අපි දන්නැ ඔහොම ඉදලා උබෙ කකුල් කොට වුනොත්.."

"අනෙ නිකම් ඉදාම්..එහෙම කකුල් කොට වෙයිද..එහ් සිරාවට ඒම වෙයිද සප්තයෝ.."

"නැතුව නැතුව..ඔය වගේ සිද්දියක් අලව්වෙත් වුනාලුනේ.."

"අනෙ ඉතිම් කොට බැරිනම් බකල් වුනත් අපි දිහා බලන්න ඉන්නෙ කවුද නෙද සප්ත..අසරන තත්වෙකට පත්වෙලා කියල දැන දැන ඇහැක් ඇරලා බලන්න ආවද..ආ...මන් අහන්නෙ මැසෙජ් කල්ලා ඇහුවට මදිනෙ බන් සප්තයෝ...චුට්ටක් ඇවිල්ලා බලලා යන්න බැරි මිනිස්සු මොකටද නේද ඒයි..අනෙ ඒකට යසස් අයියා කේක් අරන් ඇවිල්ලා මලුත් අරන් ඇවිල්ලා..ඊයෙ චොකලටුත් අරන් ආවනෙ මෙ ලමයට..ආන් එහෙමයි මනුස්සයෙක් වුනාම ඉන්නොනෙ..නිකම් මෙ මැසෙජ් එකක් දාලා කොහොමද අඩුද රිදෙනොද අහලා වැඩක් නැ මන් නම් කියන්නෙ බලන්න එන්නැතුව..හුම්ම්.."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now