Chapter 44

854 95 25
                                    

"ළමයි.....එක්සෑම් එකෙදි ඔයාලගෙන් මුදල් ප්‍රමානවාදයයි විනිමය සමිකරනයයි අතර වෙනස පහදන්න කියලා අහන්න පුලුවන්..මෙ කොටසෙ මෙ ප්‍රශ්නෙ ගැන ටිකක් අවදානෙ යොමුකරන්න..මෙතනදි ඔයාලා විනිමය සමීකරනය යනු කුමක්ද පැහැදිලි කරලා  විනිමය සමීකරනය නම් කරලා MV=PT යන ප්‍රකාශෙ කෙටියෙන් පැහැදිලි කරන්න..එතකොට  මුදල්  ප්‍රමානවාදය කියන්නෙ මොකද්ද..විනිමය සමීකරන පදනම් කර ගනිමින් මිල මට්ටමෙ හැසිරිම පිලිබද ඉදිරිපත් කරන න්‍යායක්.. ඔය දෙක පැහැදිලි කරලා ඔයාලා අවසානෙදි පෙන්නුම් කරලා දෙන්න සංසරන ප්‍රවේගය ගනුදෙනු ප්‍රමානයට බොහොසෙයින් නොවෙනස්ව පවතින බව උපකල්පනය කරන බවත් මුදල් තොගයට සමානුපාතික ව මිල මට්ටම එකියන්නෙ P වෙනස් වල බව මුදල් ප්‍රමානවාදයෙන් ප්‍රකාශ කරන බවත්..මෙ අනුව විනිමය සමීකරනය පූර්ණ සත්‍යක් වන අතර මුදල් ප්‍රමානවාදය යනු විනිමය සමීකරනය මත ගොඩනංවන ලද න්‍යායක් බවත්..අනිවාරෙන්ම ඔයාලා අවසානෙදි ඒක පැහැදිලි කරලා දෙන්නොනෙ නැත්තම් ලකුනු හම්බෙන්නෙ නැ..තෙරුනාද..උපකල්පන වල නිරවද්‍යතාව මත එම න්‍යායෙ වලංගුභාවය රදා පවතිනවා කියලා අවසානෙදි ලිව්වට කමක් නෑ.. නෑ ඒක ලියන්නම ඔනි..හරිනෙ..

ලමයිනේ මන් මෙ ඔයාලට පැහැදිලි කිරිමක්  කරන්නෙ..ඉතිම් ඔයාලා මන් කියවන එක එහෙම්ම කොපි පෙස්ට් කරන්න එපා..ඔය සමහරු මන් කියවද්දි දාගෙන ලියනවා..මතකෙ රදවගන්න බලන්න..මන් කියද්දි කෙටියෙන් චුට්ටක් ලියාගත්තට කමක් නෑ.මතකෙන් තමයි ඔයාලා ලියන්නොනෙ..හරි කමක් නෑ දැන් මන් කියලා දුන්න විදියට ඔය ප්‍රශ්න හතර කරන්න..."

මන් ප්‍රශ්න ටික පැහැදිලි කරනකොට ලමයි ඔක්කොම මන් දිහා බලාගෙන ඉද්දි අවිනාශ් විතරක් පොතෙ මොනාද කුරුටූ ගගා ඉන්නවා..සමහර විට මන් කියද්දි ලියාගන්නවා ඇති..මොනා උනත් කොල්ලා වැඩ කරන්න උනන්දුයි..එවුනාට මන් කියන එක එහෙම්ම ලිව්වට වැඩක් නැනෙ..තාම ලියනවා..මන් කියවන එක නැවැත්තුවාමත් කියවනවා..සමහරු ලියාගාන්නවා කියලා කියද්දිත් කොල්ලා නෙමෙ ඔලුව ඉස්සුවෙ...

මොන මගුලක් ලියාගත්තද දන්නෑ..යොවුන් නිදි කිරාවැටෙනවා..මන් බලනො දැක්කා විතරයි ඇස් ගෙඩි දෙක තඩිස්සි කරගත්තා..ඉස්සර මාත් ඔහොමනෙ කොල්ලො..එකොන් මිස් බලද්දි ඇස් දෙක ඇරගන්න පොඩි විර්යක් නෙමෙ දෙන්නෙ..මිස්ගෙ තැන මන් ඉදලා බලද්දි මෙ ලමයින්ට බනින්න හිතුනත් මාත් එතන එවිදියටම කාලයක් ඉදල තිබුන නිසා බොරුවට රවලා අන්තිම පේලිය ගාවට ආවා..ආ දෙවිදුවා ඩෙස් එක ගටින් අත් දාලා  ඉස්සරහා පුටුවෙ ඉන්න එකාගෙ බෑග් එකෙන් අත පිහිදනෝ කෑම පෙට්ටිය ඇරන් ඔඩොක්කුවෙ..හොරෙන් කනවා නෙද..මාව දැක්ක විතරයි පුටුවෙ සීරුවෙන් ඉදියා..කවිශයා දෙවිදුගෙ පොත අරන් ප්‍රශ්න ලියාගන්නො..මේකා මන් කියවද්දි පොල් ගෑවද මෙතන ඉදන් ලියාගන්න බැරිවෙන්න..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now