Chapter 30

1.1K 129 48
                                    


මේක හරි විශාල කරදරයක් වුනානෙ..දවස් දෙකෙන් එනවා කියලා ආපු ගමනෙ තව දවස් දෙක තුනක්වත් ඉන්න වේවිලූ..

වටේටම තියෙන වෙල් යාය..ඊට උඩින් තීන කදු පන්තිය..තවත් පැත්තකින් තියෙන රබර් කැලේ..එ කැලේ රබර් ගස් අතරින් වැවිලා තියෙන මැංගුස්, අඹ , කොස් ,පේර ,රඹුටන් ගස්..ගේ පිටි පස්සෙන් ගලාගෙන යන දියපාර..තිත්ත පැටව් ලූලා පැටව් එහෙ මෙහෙ යනවා බලාගෙන ඉන්න හදලා තියෙන වැල් පාලම්..තවත් පැත්තකින් කුරක්කන් යායවල්..එලවලු පලතුරු පාත්තී..මෙ හැමතැනකම තරු වැටිලා වගේ පිපිලා තියෙන කැලෑ මල් ඩේසි මල්..මේක සම්පූර්නෙන්ම සශ්‍රීක ගම් බැද්දක්.....
වෙල් ඉපනැල්ලෙ දුවලා පැනලා පිටිපස්සෙ ඇලට ගිහින් කරනමක් ගහලා ලස්සන නෑදෑ අයියලා එක්ක විනෝද වෙලා නිවාඩුව ගතකරන්න පුලුවන්...

කියලා හිතාගෙන මනෝපාරවල් ගගහා ආපු මට සිද්ද වුනේ ලොකූ තාප්ප වලින් වට වෙච්චි හිච්චි බැකින්හැම් මාලිගාවකට ඇතුලු වෙන්න...මන් බලාපොරොත්තු වෙච්චි වෙල්යායක්වත් ඉර නැගන් එන කදු පන්තියක්වත් රබර් ගහක්වත් ඇලක් වත් තිබුනේ නැහැ..අම්මලා හැමදාම කිරි අත්තා බලන්න යනවා කියලා කිව්වම මන් බලාපොරොත්තු වුනේ මැටියෙන් හදපු ගෙයක ඉන්න කිරි අත්තෙක්ව මිසක් මෙහෙම තට්ටු නිවාසෙක ජීවත් වෙන කිරි අත්තෙක්ව නෙමෙ..මෙතන පවුල් දහයකට විතර ජීවත් වෙන්න පුලුවන් නේ..

ඊයේ ආවත් හරි එහෙ මෙහෙ ඇවිදගන්න තියා මෙහෙ මිනිස්සුන්ගෙ මූනක්වත් බලාගන්න බැරිවුනා..කිරි අත්තා ඇරෙන්න එයාගෙ සේවිකාවො විතරයි මට දැකගන්න පුලුවන් වුනේ..මෙහෙට ආපු වෙලෙන් ඉදන් ඉක්මන්ට එන්න වස්තු ගගා වැලලුන මනුස්සයා තව දවස් දෙක තුනක් විතර ඉන්න වෙනා කිව්වා විතරයි සද්දයක් නෑ..ඊයේ රෑ ඉදන් මැසෙක් එකක්වත් නැති හැටියක්..

කිරි අත්තට බල්ලොම බුරපියලූ..යකො දැන්නෙ මෙ මගුල හරියටම දැක්කෙ..දෙයියනේ මේ ගෙදර මෙච්චර සද්දන්තයි කියලා හිතුවෙනැනෙ..මේකෙ ඇවිදලා බලන්නම මට සතියක්වත් යයී..එලියට ගියාම මෙ ගෙ එච්චර ලොකුයි කියලා පේන්නැහැ..පැත්තෙන් බැලුවාම තමයි දිග පේන්නෙ..ලොකුම ලොකු වත්තක්..මේ වගේ මාලිගාවක ජිවත් වෙන මී ආච්චිට කිරි අත්තා කියන නම නම් ගැලපෙන්නෑ..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now