Chapter 18

1.4K 179 18
                                    




ගෙදර ආවට හිත එක තැනක තියන් වැඩක් කරන්නවත් හිතුනේ නැහැ..ලොවිගහ ලගදි වුන දේවල් මැවි මැවි එකදිගට පේනගන්නකොට මාව නලියන්න එනවා..ගිරයකට අහුවුනා වගේ ඒ තොල් වලට මාව අහුවුනේ..මතක්වෙද්දිත් යටිබඩ බල්ටි ගහනො..ඒ මදිවට බස් එකේදී..ආර්හ්හ්..මොනාවුනත් එයා ගාව උනුසුම්..එ ලොකු අත් අස්සෙ මාව දැනුත් හිරවෙලා තියෙවා වගෙයි දැනෙන්නේ..

"ලමයෝ...ඔතන මදුරුවෝ කනවා නේද..ඇතුලට එන්න.."

"කොල්ලො.."

"ආහ් පස්සෙ කන්නම් අම්මෙ වහලා තියන්න.."

"මොකද්ද කොල්ලො කියන්නෙ..කොහෙද උබේ සිහිය ආ..කාගෙ බැල්ම වට්ටගන්නද මේ ගොම්මනේ පිච්ච වැල අස්සෙ ලැගලා ඉන්නෙ.."

"මොකද්ද අම්මෙ..කන්න නෙමෙද කතා කරේ.."

"කන්න..ඒ කෑම කෙසෙවෙතත් අමු කැවිලා කියලා පේනවා..මන් බලාගෙනයි ලගකදි ඉදලා අමුතු ලෙඩක් හැදීගෙන එනවා.."

"කො ගෙට එනවා මන් ආයෙ නොකිව්වා කියන්නෙපා.."

ම්හුක්..අම්මෙ අම්මගේ පුතාට මහා විසාල කරදරයක් වෙලා..සිකුරු නීචවෙලා..මල්සරා වැරදි පර්සන්ටනෙ විදලා තියෙන්නෙ..ඊතලේ ඒ මිනිහගේ අහවල් තැනට වැදිලා දැන් මට බේරිල්ලක් නෑනේ..අහෝඕඕඕඕඔ..මෙවන් විපතක් ඇමීබෙක්ටවත් වෙන්නෙපා...

මගේ ප්‍රථම හාදුවත් හොරකන් කරා..ලේසියෙන් අත්හරින්නැ මන් මේක..ද්වීනාශ් උබ පොල්ලට ගහලායි නයා වරද්දගත්තේ..මගේ තොල් කෑවනම් විදෝපම් පොල්කාවයියෝ..ම්හුක් එ වුනාට එයා සෝයි එකට කිස් කරා අප්පා..
ලැජ්ජයිත් එක්ක..

"වා නු කාවාලයියා..නු කාවලයියා..
ආහ් ආහ් ආහ් ආහ් ආහ් අහ් අහ් අහ්
වා නු කාවාලයියා..නු කාවාලයියා..
ආහ් ආහ් ආහ් ආහ් ආහ් ආහ් ආහ් ආහ්..."

"ලමයෝ ඔය කෝල් එකක් නේද..කියෙ ඉදන්ද දැන් රින්ග් වෙන්නෙ ආ..ආන්සර් කරන්න බැරිනම් ඕක පොලේ ගහපම්.."

යකඩො කාවලයියා..මේක කවද්ද මගේ රින්ග්ටෝන් එක වුනේ..ආහ් තමාලයා පින්න පැටියා..මාව කාපම් උබ..ෆෝන් එකත් දාපු තැන මතක නැ..සද්දෙ විතරයි ඇහෙන්නෙ..බාතෘම් එකෙත් නෑ..කාමරෙත් නැ කුස්සියෙත් නැ කෝ මෙක..සද්දෙ හුගක් ලගට ඇහෙනවා..
හප්පටසිරි වොශින් මැශින් එකේ..තව ටිකක් සුනංගු වුනානම් මට පපු කැවුත්තක් මංගච්චගන්න වෙනවා අලුතෙන්..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now