Chapter 38

808 110 27
                                    

6 years later.....

මගේ නොවුනොත්
පෙනෙන දුරකින්
එපා කිසිවිට රැඳෙන්න..

කවුරුවත් ලඟ
නැති වෙලාවක
හිතෙයි නලලත සිඹින්න..

ඉතින් වෙන්වන
සැඳෑ වරුවල
එපා ආයෙත් හැරෙන්න..

නුඹෙන් විතරක්
පිරුන හිතකට
අමාරුයි එය දරන්න............


මන් එයාව අන්තිමට දැක්කෙ මීට අවුරුදු පහකට කලින්..ඒ මන් එයාව දැකපු අවසාන වතාව වගේම එයා මාව එපා කියලා කිව්ව පලවෙනි වතාව..

මට සීයාගෙ ගෙදර ගිහින් නතරවෙන්න සිද්ද වුනත් ඔයා හැමවෙලේම දුරින් ඉදන් හරි මගෙ සහයට ඉදියා..ඒත් අවසානේ....

එදා දවසෙ වුන දෙවල් වගේම ඊට පස්සෙවුන දේවල් මතක් කරන්න මන් අදටත් කැමති නැ...

මන් දන්නෙ මන් තනි වුනා කියලා විතරයි..අම්මා තාත්තාවත් අඩුම තරමෙ මගෙ පැත්තට ඉදී කියලා බලාපොරොත්තු වුනා...අන්තිමට වැරදුනෙත් මට..එයාලා හැමොටම ඕනි වුනෙ අපිව ඈත් කරන්න වගේම අවසානෙදි එයාටත් ඕන වුනෙ මේකෙ අවසානයක් දකින්න..ඉතිම් මන් එ හැමෝටම ඕන වුන දේ කලා.

දැන් මන් තනියෙන්..නැ එහෙමත් කියන්න බැ..මොකද මන් මෙහෙම හරි අද ඉන්නෙ ඌ නිසයි..මෙ කාලෙ පුරාවටම මගෙ හෙවනැල්ල වගේ ඉදියෙ ඒකා විතරයි..ලේ බැදීම් පවා මට විරුද්ද වෙද්දි අවසානෙ මට ඉතුරු වුනෙ එදා වගේම අද වෙනකම් නොවෙනස ඉදපු ඒ
මිතුරුකම විතරයි..මට කියන්න සතුටුයි ඌ මගෙ සතුටෙදි වගේම දුකේදිත් මන් ගාවම ඉදියා..

මිත්‍රත්වය කියන්නෙම අසාමාන්‍ය ආදර බැදීමක්..
ඇත්තටම අපෙ ජීවිතේ වචනයක් කතාකරත් හෝස් ගාලා හිත සැහැල්ලුවෙන යාලුවෙක් ඉන්නවා කියන්නෙම ඒක අපි ලබපූ ලොකු වාසනාවක්..

ෆ්‍රී පීරියඩ් එකක් සෙට් වෙලා වැඩක් තිබුනෙත් නැති නිසා මට ආයෙම කලින් දේවල් මතක් වුනා..එ දේවල් අමතක කරවගන්න ඕන නිසාම මන් හැමවෙලාවකම වගේ වැඩකරා..මොකක්ම හරි කරා..ගෙදර ඉද්දිත් මන් කරන්නෙ පැල වවන එක..

"අභිරු සර්..අදත් ඔයාගෙ ක්ලාස් එකෙ මැර සෙට් එක ක්ලාස් එකෙන් පැනලා..අදත් මගෙ පීරියඩ් එකේ ඉදියෙ නෑ එ පෝරිසාදයො ටික.."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now