Chapter 15

1.5K 179 38
                                    

තිනෙත්‍රගෙ දින සටහන්


එයාව හම්බවෙන්න කලියෙන් කවදාවත් ඩයරියක් නොලියපු මට හිතේ ඇතිවුන හැම හැගීමක්ම වචන වලට හරවලා ලියන්න පුලුවන් වුනා....

මන් හිතන්නෙ මේක පලමු බැල්මෙන් ඇති වුන ආදරයක්.love at first sight. අන්තිමේදි මගෙ අහංකාර දරදඬු හිතට කෙනෙක් රිංගුවා.එහෙනම් දිනපොත මේ
මගේ හුරතල් ලමයා මට හම්බුන කතාවයි..

ආෆ්ටර් ඕලෙවල් කාලෙ සෙට් වුන බිග් මැච් එක බලන්න මන් යනකොට ටිකක් පරක්කු වුනා.හුග කාලෙකට පස්සෙ මට වැඩක් කරන්න පරක්කු වුනාමයි මන් හිතන්නෙ.

පරක්කු වුන කේන්තියෙන් ග්‍රවුන්ඩ් එකට දුවද්දි මගේ ඇගෙ වැදුන මනුස්සයා නිසා මගේ ඉවසීමේ සීමා ගිලිහුනා.හොදවැයින් දෙක තුනක් කියන්න හැරෙද්දි ඒ ආමන්ඩ් හැඩැති ඇස් දෙක දැක්කම බනින්න මහා ලෝභකමක් දැනුනා.

එ හුරතල් මූනට එ ඇස් පර්ෆෙක්ට් වැඩියි.ඇගෙ වැදුන එයා ඔලුව පහත් කර කර සමාව ඉල්ලනකොට එ ඇස් බයෙන් කලබල වෙනවා මන් දැක්කා .මන් හිතන්නෙ ඒ තමයි මගෙ හිත හෙල්ලුන පලවෙනි වතාව.

ස්ටේඩියම් එකේ ඉදන් යශ් එක්ක මැච් එක බැලුවත් මගෙ ඇස් හොයන්නෙම කලින් හම්බුන රූපෙ.දුඹුරු පාටට හුරු ඇස්,දිග ඇහි පියාටු ,පිරුනු තොල් , අල්ලන්නත් ලෝභ හිතෙන තරමටම සියුමැලී කම්මුල්...තප්පර ගානකට දැක්කාත් ඒ රූපෙ මගෙ හිතේ ඇදිලා ඉවරයි තදින්ම.මන් හිතන්නැ එ රුපෙ හිතෙන් මකන්න පුලුවන් වෙයි කියලනම්.

යෂ් එයාගෙ පොඩි එකා සෙල්ලන් කරනවා ඇස් පිය නොහෙලා හුගක් සතුටෙන් බලාගෙන ඉන්නවා.දුර ඉදම් ආදරෙ කරන වේදනාවක් විදියට මට පෙනුනට යෂ්ට නම් ඒක සතුටක් වගේ දැනෙනවලු. අපි ඉද්දි එක පාරට අදීශ එක්ක මතුවුන මන් මෙච්චර වෙලා හොයපු එයා අපි දිහාවට හිනාවෙමින් ඇවිදන් ආව

මන් ගාවින් කෑගහගා ඉදපු යශ් එයාගෙ පැටියා බැට් කරන හින්දා ස්ටේඩියම් එකේ ඉස්සරහටම ගිහින් අපේ ස්කොලේ කොඩිය වන වන කෑගහන්න ගත්තා.මල්ලිව දැක්කම එයාට ඔක්කොම අමතකයි.මෙ පිස්සෙක් ගානට දගලන්නෙ අනාගතේ හෙඩ් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න ඉන්න මනුස්සයෙක්.

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now