Chapter 11

1.6K 190 41
                                    

අදත් ඉතිම් හිමිදිරි උදෑසනේ මම මේ පාසල් යමී..මම කිව්වොත් මී කියන්න අපි කිව්වොත් මූ කියන්න..තොප කිව්වොත් හී කියන්න තොපි කිව්වොත් හූ කියන්නලු ඉතිම්..ස්කූල් ගේට්ටුවනම් පේන හරියේ..තමාලයයි විශාලයයී කරට අත දාම් බර කයියක්..ම්ම් කෝප්ප හෝදනවා වගේ..මාවත් ගනම් ගන්නැතුව යන්නෙ ඔය..තාම හතවත් වෙලා නැතුව ඇති..එච්චර ලමයි නෑ පාරෙ..හත පහු වුනාම තමා ඉතිම් සුහද කොක්කු වගේ සුදු පාටට පාර වැහෙන්න පේලියට එන්නෙ..

ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම ඉතිම් නියපොතු චෙක් කරනවයි කොන්ඩා බලනවයි බෑග් බලනවයි මලයිකාර..සම්මතේ වගේ ඉතිම් හැම ස්කොලේම එකම  නීතිනේ..මන් නම් කියන්නේ සම්මතෙන් පිට පනින්නම ඕනි කියලයි..

මගෙ ඉතිම් ලොකූවට නියපොතු නෑ..ලාවට වගෙ වැවිලා..මේක කපන් එන්න කිව්වොත් අනෙ උබ නටපම් අයියේ කියලා තමා කියන්න වෙන්නෙ..ආසාවකට දිගට නියපොත්තක් වවන්න බෑ වැවීගෙන එද්දි එක්කො කැඩෙනො නැත්තම් කෑල්ලක් යනො..කැල්ලක් කොට වුනාම ඉතිම් නියපොත්තට අංශභාගෙ වගේනෙ කඩලම දානවා..ඒකට සමහරුන්ගෙ නියපොතු මේන් සයිස්..පාටියකට ගිහින් ඕන්නම් ඒ අස්සෙත් බත් දාන් එන්නත් පුලුවන්..

බුදු මැදුර ගාව ඇහැල ගහේ  මල් පෙති බිම පැදුරක් දාලා වගේ ලස්සනට වැටිලා  තියෙනවා..මේ කාලෙට කොහොමත් ලස්සනයි..පෙතිවලට වැඩිය බිම තීන්නෙ මලේ මැද්දෙ තියෙන ලොකු රේණු..ඒවනම් මරු..ඒකෙන් අපි මාල මුදු එහෙමත් හදනවා..ඔක්කොමත් හරි වැටුන එව්වා අතුගාද්දි තමා එපාවෙන්නෙ..

ඔක්කොමත් හරි වැටුන එව්වා අතුගාද්දි තමා එපාවෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හෙයි බියුටිපුල් කොම්ලෝ මනමේ..විල් යු මැරී මී ඒයී.."

අනෙ මේ තමාලයත්..
මාව දාලා විශාලයගෙ කරෙ නැගලා ගියපූ එකා ඒගමන ඇහැල මලේ තියෙන රේනුවක් අරන් පටලවලා මුද්දක් වගේ හදලා දන ගහලා මට දික් කරන් ඉන්නවා...

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now