Chapter 46

942 109 87
                                    

සියා පප්පායි තමාලයයි මායි අපෙ අනිත් පවුල එකියන්නෙ second grand family එකෙ get togather එකට එන්න කියලා invite එකක් ආපු නිසා පහුවෙන්දා හවස යන්න ලෑස්තිවුනා..

අපි එහෙට යද්දි පවුල් දෙකෙ හැමොම වගෙ ඇවිත් ඉදියා..අපි grand family එක වෙද්දි අනිත් family එක second grand family වුනා..අවුරුදු හයකට කලින් තිබුන වෙඩින්ග් එකෙදි ඉදපු මුහුණු කීපෙකුත් එ පවුලෙ ඉදියා..බාගයක්ම ඉදියෙ දැකපු නැති අය..

එ අස්සෙන් අපෙ තාත්තා විලන් කෙනෙක් වගේ  මට පෙනුනා..එයාගෙ එහා පැත්තෙන් ලොකු නැන්දයි..තව ගෑනු අය දෙතුන් දෙනෙක් ඉදියා..

තමාලයව food side එකට යවලා සීයාපපා මාව කට්ටිය ගාවට එක්කන් ගියා..එතන ඉදපු හැමොම මන් දිහා බැලුවෙ කුනුමාලු කෑල්ලක් දිහා බලන විදියට.. එ අය අතර ඉදපු අම්මා දුවගෙන ඇවිල්ලා මගෙ ඇගෙ එල්ලුනා..

"අනෙ මගෙ රත්තරනෙ..මට සමාවෙයන්..උබ ඇදිලා ගිහින් මැනිකේ..උබව මෙහෙම දකින්න මගෙ ඇස් පව් කරලා..මට සමාවෙයන් පුතේ..උබට ඕනිම කාලෙ ලග ඉන්න බැරිවුනාට.."

මගේ ඇගෙ එල්ලිලා අඩන අම්මා දිහා හැගීම් මැරුන මනුස්සයෙක් වගෙ බලාගෙන ඉන්නවා ඇරෙන්න ආපිට එයාව බදාගෙන අනෙ මගෙ අම්මේ කියලා අඩන්න මට ඕනි වුනේ නැහැ..සමහර විට මගෙ හැගීම් මැරිලා ඇතී..දැන් කොච්චර කිව්වත් ඔයාත් එදා මාව අතෑරියා අම්මේ..

මන් අම්මාව කෙලින් කරලා ටිකක් එහාට වෙලා හිටගද්දි එයාගෙ හැඩුම දෙගුන වුනා..තාත්තා ඇවිත් එයාව තුරුල් කරන් එක්කරන් ගියෙ මාව දවා අලුකරනවා වගේ බැල්මකුත් දෙන්න අමතක නොකරයි..

කට්ටිය හැමොම ලොකු මේසයක් වගේ ඉඳගද්දි සීයාපප්පා මාවත් එක්කරන් ගිහින් එයාගෙ සිට් එකෙ එහාපැත්තෙන් වාඩිකරව ගත්තා..හැමෝම ලොකුදේකට ලැස්තිවෙලා වගෙයි ඇවිත් ඉන්නෙ...

"හරි කට්ටියම අද මෙතනට රැස් වුනේ..grand family දෙකෙ ඉදිරි අනාගතේ ගැන කතාකරගන්නයි..පවුල් දෙකම ආයෙත් වතාවක් එකතුවෙලා අද මෙ අපි කතා කරන්න යන්නෙ second fam එකෙයි main fam එකෙයි කසාගෙ ගැන..පවුල් දෙකම විසිරිලා තියෙද්දි මෙ වගෙ තීරනයක් ගත්තෙ තරහා මරහා අමතක කරලා නැවතත් එක පවුලක් ලෙස ගොඩනගන්නයි..ඉතිම් මෙතන ඉන්න වැඩිහිටි දෙපලගෙන් මන් අවසර ඉල්ලනවා grand fam එකෙ පොඩි මුනුබුරා වන මගෙ පුතා සප්තගෙත් second grand fam එකෙ එකම මිනිබිරිය වන කවිතාගෙත් විවාහ මංගල්‍යට...."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now