Chapter 20

1.5K 170 28
                                    



මුලින්ම හවුස් කැප්ටන්ලා සෙට් එකයි ස්පෝර්ට් කැප්ටනුයි පන්දන් අරන් පෝලිමට ගිහින් ගිනිසිලුවට ගිනිතියලා මිට් එක පටන් ගත්තා..යසස් අයියයි, ද්වී අයියයි, අනිත් හවුස් දෙකෙ කැප්ටන්ලයි අහවල් එක පොඩි ඇම්බැට්ටයි දිහා හැමෝගෙම ඇස් රැදිලායි  තිබ්බෙ.. එකපාරටම කට්ටියව පුදුම කරන් තටුඅහිමි සමනලියෝ ටිකක් උඩ ඉදන් කේබල් වලින් පිටිය මැද්දට සමොප්‍රාප්ත වුනා..අම්මොහ් මේව්වනෙ බලන්නම වටින්නෙ..ඔහොම එල්ලිලා එද්දි රෙද්දක් පැටලිලා කරනමක් ගැහුවනම් කොහොමතේ..ම්ම්ම්ම්..සහොදරියො ලෙප්ට්නේ ඉතිම්..මට මතකයි ඔහොම මල්සරාට ඇදගත්ත කොල්ලෙක් කන්සර්ට් එකක් අස්සෙ ඔහොම කේබල් එකක ඉදන් යූ ආර් මයි ඒන්ජල් කියන සින්දුවට නට නට ඉද්දි එකපාරට ශෝට ඉරිලා එතන යට ඉදපු මිනිහෙක්ගෙ ඔලුවක් උඩකට කඩන් වැටෙනවා..පංදම් බට්ටා ඒ මිනිහගෙ කටේද කොහේ.. වීඩියෝ එකක් සමාජ ජාලාවල සෙයා වුනා..හප්ප්පො හප්පො මුන් ටික ස්සෙ පිනා සෑරුත් මොනාද අමතලා යද්දි කට්ටිය හැමෝම හයියෙන් අත්පුඩිත් ගැහුවා..පොඩි අයගෙ සරඹ සන්දර්ශනය පටන් ගද්දි රිලේ දුවන්න ඉදපු සෙට් එකට ලෑස්ති වෙන්නයි කියලා නයනතාරා මිස් ඇවිල්ලා බෙරිහන් දුන්නා..

රිලේ එකට තමාලයත් එක්ක මාත්   දුවන්න ඉන්නවා..කිට ගහලා අංක ටික  බඩෙයි පිටෙයි ගහන් රෙඩිවෙලා බලාගෙන ඉන්නෙ තරගේ පටන්ගන්නකම්..එ අස්සෙන් යසස් අයියා වතුර බෝතලකුයි ග්ලූකෝස් පැකට් එකකුයි අතේ තියන් තමාලයට මොනාද කිය කිය උගෙ දාඩිය පිහිදානවා..මුට ගිය කලක්..අයියේ මේ අපිත් දුවනවා හරිද..අනික දුවන්න කලින් වතුර දෙන්න එපා අයියේ එතකොට දුවාගන්න බැරිවෙනවා..නැ එක්කො කමන්නැ අයියෙ හොදට පොවපම්.. එතකොට උට කලියෙන් මට දුවතෑකිනෙ..හේ හේ..

හරිනම් මන් මෙච්චර කල් ලව් කරපු මනුස්සයා මෙහෙම වෙන එකෙක් ගාව ඉද්දි මට දුක දැනෙන්න ඕනි..එත් ඈයි මට මුකුත් දැනෙන්නැත්තෙ..මට ලෙඩක් හැදීගෙන එනවද දන්නෙත් නෑ..අඩෙහ් අර මනුස්සයා මාව දෙපාරක්ම කිස් කරානෙහ්..උගෙන් බෝවෙන ලෙඩක්වත් බෝවුනාද..අයියෝ මගේ තරුන ජිවිතේ..අකාලෙ මියදෙන්න බෑ තාත්තේ..කෝ මේකා..මට ලෙඩ බෝ කරලා මේ යකා පැනලා ගියාවත්ද..උබ ලෙඩ හදලා මාව අනාත කරාද තිරිසනෝ....

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now