Chapter 5

1.8K 217 24
                                    

.
.
.
.
.
.
සිරන්ති කෙල්ල හදල තිබ්බෙ strawberry  cake roll එකක් කේක් එක වටේටම ස්ට්‍රෝබෙරි ලස්සනට ඇදලා වගෙ තිබ්බා..ඒකලු දැන් කාලෙ කේක් වල ට්‍රෙන්ඩ් එක..කේක් එක කන්නත් ලෝභයි වගේ ඇතුලෙ ස්ටොබෙරි පලුත් තිබ්බා..එයාගෙ අත් ගුනේ නම් කියලා වැඩක් නැ..මන් එනකම්ම ඉදියානෙ කේක් එකත් කපන්න..ඕ හෝ.. ලස්සන ලස්සන මගේ ආදරීයේ..

"බබා මේන් මෙ කේක් කෑල්ල එහා ගෙදර ජොසපින් ආන්ටිට දීලා එන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බබා මේන් මෙ කේක් කෑල්ල එහා ගෙදර ජොසපින් ආන්ටිට දීලා එන්න.."

"ඇයි මේ දෙකක්..එකක් සමන්තටද.."

"බොට එ පැහිච්ච කම් වලින් වැඩක් නෑනෙ..ආන්ටිගේ ග්‍රෑන්ඩ් සන් කෙනෙක් ඇවිල්ලලු ඉන්නෙ..එයාටත් එක්ක තමා ඔය.."

"කවද්ද සිරන්තියේ ජොසපි ආච්චිට මුනුබුරෙක් ඉදියේ..අහසින් වැටුන එකෙක්ද.."

" මන්දා පුතුකියෝ..මට නම් කිව්වෙ එයාගෙ සිස්ගෙ ඩෝටර්ගෙ සන් කියලා..කවුරු වුනත් සෙස්සි කොල්ලා..මන් දැක්කා මහ දවාලෙ  සිරි ලන්කන් බාහු බලී වගේ ජොසපින් ආන්ටිගෙ කෙහෙල් ගස් දෙක කපලා කදන් දෙක අත් දෙකෙන් උස්සම් යනවා..සෝයි ටොප් කොල්ලා හොදේ.."

අල්ලපු ගෙදර ජොසපි ආච්චී හරි සීදේවී අප්පා..එ ගෙදර ඉදියෙ එයාගෙ මහත්තයයා විතරයි..මහත්තයා නැති වුනාට පස්සෙ එයා තමා ඔය ගෙදර තට්ට තනියෙම් ඉන්නෙ..පව් තමාලයටයි මටයි හරි ආදරෙයී..ආච්චිගෙ වගෙ අත් ගුණේ තියෙන වෙදෙක්වත් මෙ පලාතෙ නැතුව ඇති මන් හිතන්නෙ..එයාගෙ අත් දෙකෙන් තෙල් ගෑවම ලෙඩාට ඉක්මන්ට හොද වෙනවා..මට මතකයි එකපාරක් ෆුට් බෝල් ගහන්න ගිහිම් කකුල උලුක් කරන් ආච්චි ගාවට ආවා තෙල් ගාන්න..ඇස් වහක් කටවහක් නැ අත ගාල පහුවෙන්දට කැක්කුම අඩු වුනා..දෙපාරයි අත ගාව ගත්තෙ ලෙඩෙත් හොදයි..හරි  සීදේවී කිව්වෙ ඕකයි මන්..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now