👑🌺 කිරුළ 1 🌺👑

1.4K 165 64
                                    

දොර උලුවස්සට පිට දීලා අතපය උණ්ඩි කරන් , රෑ එළිවෙනකං ඉඳගෙනම නින්දේ උන්න කෙනුල නින්දෙන් ඇහැරුනේ ළඟ ළඟම ඇහුණ බැලුන් එකේ සද්දේ එක්ක...බැලුන් එකේ සද්දේ කිව්වට ඒ ඇහෙන්නේ අහසේ පාවෙන ගමන් තියෙන බැලූන් එකට විනාඩි කීපෙට සැරයක් ගෑස් ගහන සද්දේ...හරියටම මකරෙක් ගිනි පිඹිනවා වගේ...ගෑස් ටැංකියෙන් උඩට ගෑස් එක මුදා හැරෙද්දී...සද්දේ වගේම පෙනුමත් ඒ වගේ....බැලූන් එක ඈතින් එද්දී දැන ගන්න පුළුවන් තරම් ඒ හඩ හරි සද්දෙයි...පාන්දර 5න් පස්සෙ වටපිටාවේ සමහරු නින්දෙන් ඇහැරුනේම ඔය සද්දෙට...

පාන්දර 5න් පස්සෙ වටපිටාවේ සමහරු නින්දෙන් ඇහැරුනේම ඔය සද්දෙට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කෙනුල ඉන්නෙ ඔය දොර ළඟ පුංචි ඉඩේ හොඳේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කෙනුල ඉන්නෙ ඔය දොර ළඟ පුංචි ඉඩේ හොඳේ..පිලක්මත් නෙමෙ..)

වෙනදා පාන්දර 4 .30 වෙද්දි කෙනුල අවදි උණත් ඊයෙ පාන්දර වෙනකං ඇහැරිලා නිසා කෙනුලට අද 6ටත් කිට්ටු වෙනකං නින්ද ගිහිං තිබුණා..ගත උන දවස එපාම එපා උණ කාර්යබහුල දවසක් වෙද්දි දවස අවසානේ ඇගේ අමාරු යන්නත් එක්ක කියලා කලින්ම කොහු මෙට්ටේට පැනලා නිදියන්න හිතුවත් බත් එකත් අතට අරන් කන්න වාඩි වෙන ටිකට සුපුරුදු යුද්දෙ පටන් ගත්තා වෙද්දි, කෙනුලට සිද්ද උණේ ඊයේත් රෑ එළිවෙනකං දොර එළිපත්තට වෙලා මදුරෝ තල ඉන්න...

කෙනුලගේ බාප්පට...එහෙම නැතිනම් අම්මගෙ දෙවැනි කසාදේ සැමියට පිංසිද්ද වෙන්න කෙනුලගේ ගොඩක් දවස් ගෙවුණේ ඔය වගේ..රට රස්සාවට ගිහිං උන්න කෙනුලගේ අක්කගේ අවුරුදු 3 හමාරක් උණ පුංචි එකී හැදුනේ කෙනුලලා ළඟ වෙද්දි.. ඒ නිසා අම්මාට හරි හමන් රස්සාවකට යන්න පුළුවන්කමක් තිබුණෙ නෑ...ඒ නැතත්..දුක් විඳලම අකලට වයසට ගිය අම්මට අනුන්ගේ තැනක රස්සාවක් කරන්න තරම් හයියක් තිබුණෙත් නෑ...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now