👑🌺 කිරුළ 41 🌺👑

756 118 54
                                    

~~~ Flash Back~~~

"බොරු ඔයා කියන්නේ බොරු...ඕ..ඔයා මට ආදරෙයි මහත්තයා...ඕ..ඔයාට බෑ මාව දාලා යන්න..."

"ආදරේ කරා...ඉස්සර..දැන් නෑ...ඒ නිසා යන්න පුළුවන්.."

ඒක එක්තරා අවසානයක්...සමහරවිට නැවතුමක්...මොකක් උණත්..රෝද පුටුවේ ඉඳගෙන තමන්ගෙ ඔඩොක්කුව උඩ තියෙන ෆයිල් එක දිහා බලන්  පෑන අතින් මිරික ගත්ත අහිංසා ඇස් වලින් වැටෙන්න හදන කඳුලු තව මොහොතකට අල්ලන් හිටියා...මොකද කඳුලකට ඉඩ දෙන්න තරම්වත්...තාමත් එයාට මේ හිටිගමන් ඇහෙන දකින දේවල් විස්වාස කරන්න බැරි උණා..

"පිස්සු...ඔයා පිස්සු කියවනවා..හේතු..හේතුවක් නෑ ඔයා..ට..මාව දාලා යන්න.."

"ඔව් පිස්සු වෙන්න ඇති.. ඒකනේ ජීවිතේ හොඳම කාලෙ අවුරුදු ගාණක් රෝද පුටුවක ඉන්න..ඔයා නිසා බලන් හිටියෙ..ඒත් දන් ඇති..ඒක තමා හේතුව.."

"ම..හත්..තයා.."

ආදරේ ජීවිතේ කරන් උන්න හිතකට...ඒ වචන කොහොමත් දරාගන්න එක ලේසි උණේ නෑ..ලෝක සිතියමේ කොන් දෙකක උන්න දෙන්නෙක්...අහසට පොලව වගේ වෙනස් විදිහට ලෝකෙ දිහා බලපු දෙන්නෙක්...එකට අත් අල්ලන් එක වහලක් යටට උණේ නිකංම නෙමෙ... අතින් අල්ලගන්න කලින්...ඒ හිත් දෙකයි  එකට බැඳුනේ...ඒකත් නීතියෙන්වත් වගකීමකින්වත් නෙමෙ ආදරෙන්...බලාපොරොත්තු කන්දක් එක්ක අත් අල්ල ගත්තාට...එයාලාව එකතු කරපු දයිවයම් එයාලව විහිළුවට ගත්ත නිසාදෝ..පටන් ගත්ත ජීවිතේ එයාලට ලේසි උණේ නෑ. සීමාවෙන් එහා ගිහිං එයාලට දරාගන්න උණා..විරහව අත් විදින්න උණා...අහිමි වීම් වලට මූණ දෙන්න උණා...තමන්ගේ දරු පැටව් වෙනුවෙන් දෙපයත් දන් දීලා ඒ කිරි හිනා දැකලා සැනසෙන්න හැදුවත්... අන්තිමේ ඒ කිරි හිනාත් තමන්ට නැති වෙන්න යන බව දැනෙද්දී...පමන ඉක්මවා ගිහින් දරාගන්න බැරි තැන අහිංසා කඩන් වැටුණත් සෙවරින් හෙවණැල්ල වගේ අහිංසගේ ළඟින් හිටියා...අහිංසාගෙ හයිය උණා...දයිවය කුරිරු විදිහට උදුරා ගත්ත දේවල් වලට යන්න දීලා අහිංසා දෙපයින් බැරි උණත්...සෙවරින්ගේ හයියෙන්...දරුවො දෙන්නෙක් වෙනුවෙන් තිබුණ ආදරේ එක්තැන් උණ ලෙවින් වෙනුවෙන්...හදවතින් නැගිට්ටා...දරාගන්න බැරි අහිමි වීම් අමාරුවෙන් උණත් දරාගෙන ආපහු හිනා උණා...ඒත් එකපාර...අවුරුදු ගාණකට පස්සෙ ආපහු ලංකාවට ආපු ගමන අහිංසාගේ ජීවිතේ ආපහු කණපිට ගැහුවා..මේ තරම් කල් ආබාධිත අහිංසාගෙන් අඩු පාඩුවක් නොදැනුණ සෙවරින් ඒ අඩු පාඩු ගැන කතා කරන්න ගත්තා විතරක් නෙමෙ ඩිවෝස් පේපස් ගෙනත් අහිංසාගේ අතින් තිව්වා..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now