👑🌺 කිරුළ 11 🌺👑

622 115 63
                                    

"ආ මහත්තයා...එළි වෙද්දීම කොහෙද යන්නෙ උඹ.."

දවස් දෙක තුනක් තිස්සේ වැස්ස පායලා අවුව වැටෙද්දී , ගේ වහන්න පොල් අතු ලෝඩ් එක අරන් එන්න යන්න 9ට විතර මං පාරට බැස්සා...රස්නේ කාලෙට පොල් අතු ගේ කියන්නේ දිව්‍ය භවනක් උණත්, වැස්ස පටන් ගත්තාම නම් තනිකර අපායක්...දෙසැම්බර් වහින වැස්ස හේදිලා යන්නම වහිද්දී උළු ගෙවල්වලටවත් ඔරොත්තු නොදෙන වැස්ස පොල් අතු ගේකට කොහෙ ඔරොත්තු දෙන්නද...ඊටත් නොතෙමි,නොදිරා ගේ තියෙන්න නම් අවුරුදු 3කට අඩුම 4කට සැරයක්වත් මුළු ගෙදරටම අළුත් පොල් අතු බඳින්නම ඕනා වෙද්දි ,විටින් විට දිරන තැනකට වත්තකින් අරන් ඇවිත් වියා ගන්න පොල් අත්තක් එල්ලුවත්, මුළු ගෙයක්ම වහන්න පොල් අතු තොගයක් සල්ලි වලටම ගන්න උණා..

හැමදේටම මිලක් නියමවෙන රටේ නිකං වැටෙන පොල් අත්තටත් රුපියල් හැට හැත්තෑවක් ගාන කියද්දි , අගහිඟකම් නිසාම,අන්තිමට පොල් අතු බැඳලා අවුරුදු 5කටත් කිට්ටුව වෙද්දි මේ වතාවේ ගේ තිබුණෙ වැස්සට ඔරොත්තු නොදෙනම තත්වෙක..මාස ගාණක් ටික ටික සල්ලි එකතු කර ගත්තත් වැස්සට කලින් පොල් අතු ටික බැඳ ගන්න බැරි වෙද්දි තවත් කල් අරින්න බැරි නිසාම, ඊයේ කඩේ ගෙදරින් ඉල්ලන් ආපු ණය සල්ලිත් එක්ක මං ගෙදරින් ආවෙ පොල් අතු ලෝඩ් එක ගේන්න යන්න උණත්, යාන්තං ගේ පහු කරලා ඇවිත් පාරට එද්දීම මූණට හම්බ උණ බාප්පා දකිද්දීම මට හීන් දාඩ්ය දැම්මා...

"මං මේ.."

"ගෙට පොල් අත් බඳින්න යනවා කියන්නේ...උඹ මට කිව්වේත් නෑනෙ..ගමේ උන් කියනකං..."

"හවසට කියන්න හිටියෙ.."

අතේ සල්ලි තියෙනවා කියලා බාප්පට කියන එකම අවධානම් නිසා පොල් අතු ගෙදර ගෙනාවමම කියන්න හිටියත්, ඉතිං බාප්පගේ කණට කොහොම හරි ආරංචිය ගිහිං තියෙද්දි,උදේ ගෙදරින් ගිය බාප්පා මේ ආවේලාවෙ දැනෙන නොදැනෙන ගාණට සොට් එකකුත් දාගෙන,කාලෙ බෝතලේ අතෙන් අරන්ම ආපහු ගෙදර යන්න ආවෙ හොඳකට නෙමෙ කියලා ඉවෙන්ම තේරෙද්දි, මට බයටම කලිසමේ ඉස්සරහා සාක්කුවේ තිබුණ සල්ලි ටික උඩින් අත මිරිකුණා...

"හැබෑට... හා දැන් මං දැන ගත්තානෙ..ඊට කලින් වැඩක් තියේ.."

"මොන.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now