👑🌺 කිරුළ 17 🌺👑

514 107 58
                                    

"හරි අම්මා..."

"ගොඩක් තම්බන්න එපා පුතේ...පොඩ්ඩක් කාලා බලන්නකෝ..තැම්බිලාද.."

"ඕ දැන් තැම්බිලා වගේ..."

මං උන්නේ බංගලාවේ කිචන් එකේ...
සතියයි...අද ඉඳන් තව හරියට සතියක් විතරක් එයාට මන් ළඟ ඉන්න තියෙද්දි..මං අද මුල්ම වතාවට එයා වෙනුවෙන් ඉව්වා...අම්මට පිංසිද්ද වෙන්න මට අඩුපාඩු නැතිව සූපසාත්‍රෙ පුළුවන් වෙද්දි අත් ගුණේ නිසාදෝ කාපු කෙනෙක් වර්ණනා කරන තරම් මං හදන ඕනා කෑමක් රස වෙද්දි අද මං මුල් වතාවට ජර්මන් කෑමක් අත්හදා බැලුවා...

ආරි මාමා මල ගෙදරක් වෙලා ගමේ ගිහිං තියෙද්දි අහිංසා මැඩම් ,ඒ කිව්වේ ලෙවින් සර්ගේ මමාගෙ ගුරුහරුකම් මැද මං අද මුල් වතාවට බංගලාවේ චෙෆ් උණා වෙද්දි මං මැඩම් එක්ක කෝල් එකේම අන්තිමට හදපු කෑමෙ අඩු පාඩු බලන ගමන් හිටියා...ස්පිකර් දාපු ෆෝන් එකෙන් ලැබෙන උපදෙස් එක්ක මං උයන ගමන් ඉද්දී ලෙවින් සර් මං ළඟම පැන්ට්‍රියට හේත්තුවෙලා ගාඩ්න් එකෙන් කඩා ගත්ත කටරොළු මල් වලින් හදලා දීපු බිම එකත් තොල ගගා දැන් සෑහෙන වෙලාවක් තිස්සේ මං පස්සෙ ඇස් දුව දුව හිටියා...

"ගම්මිරිස් තියේද බලන්නකෝ..තියෙනවානම් ලිප ඕෆ් කරලා පොඩ්ඩක් දාන්න.."

"ගම්මිරිස්ද...ආ තියේ..මන් දාන්නම්..."

"උණුවෙන්ම කන්න එහෙනම් දෙන්නාම එක්ක..බලන්නකෝ රසද කියලා.."

"හරි අම්මෙ...කාලම බලලා සර් කියයි කෙනුලස් කිචන් එකේ වැඩ ගැන.."

අම්මා...මගේ නොවුණත් ලෙවින් සර් නිසා මට තව අම්මා කෙනෙක් ලැබිලා තිබුණා...මැඩම් එක්ක මං මුලින්ම කතාකරේ ගාඩ්න් එකේ වැඩ පටන් ගත්ත දවස්වල..ලෙවින් සර් කිව්වත් වගේම මැඩම්ට මල් ගැන හොඳ දැනුමක් තියෙද්දි මගේ වගාකිරිල්ලට මැඩම්ගේ උපදෙස් ගොඩක් උදව් වෙද්දි...තමන්ට අම්මා කියලා ලෙවින් සර්ට කියලා කියවාගන්න බැරි උණ මැඩම්ගේ ඉල්ලීමට මුල් වතාවේ ඉඳන් මට කට පුරා පුතේ කියපු මැඩම්ට මාත් දෙපාරක් නොහිතා අම්මා කියන්න පුරුදු උණා...

"ම්ම්..ම්ම්..හැමදාම කරදර කරයිද දන්නෑ ඔන්න...මං තියන්නම් පුතේ එහෙනම්.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now