👑🌺 කිරුළ 14 🌺👑

565 113 62
                                    

ඉතිං අද නත්තල්...අපි නත්තල් සැමරුවේ නැතත් මතක ඇති  කාලෙ ඉඳන් නත්තල් කියද්දි අපිත් ආසයි...වෙනදෙයක් නිසා නෙමෙ බංගලාවෙන් හම්බවෙන ටොෆී චොක්ලට් මල්ල නිසා...ඉතිං මේ පාර නම් බංගලාවේ කෑම තව දුරටත් අරුමයක් නොවෙද්දී, කන්න බලන් නත්තල් එනකං හිටියෙ නෑ..ඒත් හිතේ කොණක පුංචි ආසාවක් තිබුණා..බංගලාවේ නත්තල් සමරනවා බලන්න...ඇත්තටම ඊටත් වඩා මට තිබුණේ..නත්තල් රෑ එයා ළඟින් ඉන්න බොළඳ ආසාවක් ....

ඉතිං බංගලාවේ වැඩට ඇවිත් දවස් ගාණක් ගෙවිලා..මගෙ දවසෙ කාලසටහන එහෙම්ම කණපිට ගැහිලා..වෙනදා විට දාලා එහෙම්ම ස්කූල් යන මං විට ටික දාගෙන දැන් කෙලින්ම එන්නෙ බංගලාවට...මුලින් දවස් දෙකේ බලෙන්ම ආරි මාමා මට කුසියට අඩගහලා උදේට දවල්ට කන්න දෙද්දී , ඊලඟ දවසේ එයා මට එයා එක්ක මේසෙ ඉඳගෙන කන්න කතා කරා...මං බෑම කියලා ආරි මාමා ලව්වා කියවලත් කණකට නොගත්ත එයා, මට තනියම කාලා පුරුදු නෑ..එහෙම කද්දී බඩගිනි  තිබුණත් කන්න බෑ කියාගෙන පුටුවකුත්  අරන් කුසියට එද්දී ආරි මාමා නෝක්කාඩු කිය කියාම මගෙ කෑම එකත් ගිහිං කෑම මේසෙ උඩින් තිව්වා..

"ඇත්තටම කොල්ලො දන්න සූප වේදෙ ඔක්කොම දාලත් නොකා ඉද්දී මං හිතුවෙ කෑම රස නෑ කියලා..අද කෑවේ ඔය හොඳට...කෑම වල නෙමෙ..හිතේ අවුල අපෙ සර්ට තිබිලා තියෙන්නේ...සර්ට කමක් නැත්තං අපිට මොකෝ..හෙට ඉඳන් උඹටත් කෑම , උඩ මේසෙටම අරින්නම්.."

ඒ විදිහට ආරි මාමාගේත් අවසරේ හම්බ වෙද්දි පිටිපස්සේ දොරෙන් මට එන්න කියපු ආරි මාමාම දෙවැනි තට්ටුවේ එයා කෑම කන මේසෙට යන්නත් මට පාර පෙන්නුවා වෙද්දි ලෙවින් සර් මාව කාමර විතරක් මඟ ඇරලා ඒ තට්ටුව පුරා රවුමක් එක්ක ගියා..

ඒ විදිහට ආරි මාමාගේත් අවසරේ හම්බ වෙද්දි පිටිපස්සේ දොරෙන් මට එන්න කියපු ආරි මාමාම දෙවැනි තට්ටුවේ එයා කෑම කන මේසෙට යන්නත් මට පාර පෙන්නුවා වෙද්දි ලෙවින් සර් මාව කාමර විතරක් මඟ ඇරලා ඒ තට්ටුව පුරා රවුමක් එක්ක ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now