👑🌺 කිරුළ 23 🌺👑

537 112 78
                                    

අ..නේ....සර්......"

අනිත් තප්පරේ කොහොම ගියාදවත් නොදැන දුවලා ගිය මං ඒ පිම්මේ ඒ ලොකු අත් අස්සෙ හිරවෙලා ඉද්දී....ජීවිතේ මුල් වතාවට ඒ පපුව අස්සෙ මූණ ගහන් උන්න මං....මේතරම් කල් මොන විදිහෙන්වත් පිටකරගන්න බැරි උණ දුක වේදනාව පසුතැවීම් ඔක්කොම කදුළු වල දිය කරලා...ඒ පපුව මැද්දෙ නිදහස් කරන ගමන් උන්නා....

දන්නේ නෑ කොච්චර වෙලා ගියාද කියන්න...ඉරත් බැහැලා ගිහිං අඳුරු වෙන වටපිටාව ගැනවත්, හීතල හුළඟක් එක්ක ආපහු වැස්සකට අර අදින ගමන් පිනිකුඩු වැටෙනවා කියන්නවත් මට ගාණක් තිබුණෙ නෑ...මාස 6ක් පුරා නැවතීමක් නැතිව වාන් දදා තිබුණ කඳුලු උල්පත් එයාගෙන් ලැබුණු එක උණුහුමෙන්ම වේලිලා ගියපු නිසාදෝ තවත් ඇස් වලින් කඳුලු පිට නොවෙන මොහොතක මන් සිහියට ආවා..මේ තරම් වෙලා ඒ උණුහුමේත් ගල්වෙලා වගේ තිබුණ සිතුවිලි එහා මෙහා දුවන්න ගමන් මේ තරම් වෙලා නොදැනුණ සංවේදන මට දැනෙන්න ගත්තා.... තාමත් තෙතට තිබුණ මගේ කොන්ඩ ගස් අස්සෙන් ගිය ඒ ඇගිලි මගෙ ඔළුව තව තවත් ඒ පපුවට තද කර ගන්නවා දැනෙද්දී,මගෙ ඉණ වටා ගිය අනික් අතින් එයා මාව තව තවත් එයා ළඟට ඇද ගන්නවා දැනෙද්දී එයාගෙ මූණ මගේ හිස් මුදුණේ තැනින් තැනට තද වෙවී නතර උණා...හරියට නිකං.......

හිස් මුදුණ පුරා හාදු තියනවා වගේ...උබට විකාර...මගේ හිත මටම හිනාවෙද්දී,හිතේ ආවේගෙට පිස්සෙක් වගේ දුවන් ඇවිත් එයාව තුරුලු කර ගත්ත නිසා ඔළුව උස්සලා බලන්න  ලැජ්ජාවක් දැනෙද්දී , ඊටත් වඩා ඒ පපුවෙන් මිදෙන්න ලෝබ කමක් දැනෙද්දී , ඉතිං මේ මං ආදරේ කරන පපුව උණත්, වෙන කෙනෙකුට අයිති දෙයක් බව මතක් වෙද්දි ,පහුගිය මාස 6 ඇතුලේ එයා මාව එයාව කවදාවත් නොදැන උන්න ආගන්තුකයෙක් ගාණට දාපු හැටි මතක්වෙද්දී,මේ දැන් මෙහෙම උන්නත්, තව මොහොතකින් අපි ආපහු ආගන්තුකයෝ වගේ වෙන්නත් පුළුවන් හිතෙද්දි, මේ උණුහුම විඳපු විදින පළවැනි වගේම අන්තිම වතාව වෙන්න පුළුවන් කියන එක මතක් වෙද්දි..අයින් වෙන්න ඕනා උණත්,මං ඒ පපුව අස්සේම තව මොහොතකට ඇස් පියා ගත්තා...

"කි..රු..ලු..."

තාමත් නවත්තා ගන්න හුස්ම උඩ ඇදි ඇදි හීල්ලුණත්,මේ තරම් වෙලා ගැස්සුණ මගෙ උරහිස්වල  ගැස්ම නැවතුණ නිසාදෝ එයාගෙ බරවුණ කටහඬ ඇහෙන නෑහෙන ගාණට ඇහෙද්දී...මට හිතුණා...අයිතියක් නැති දේකට අයිතිය කියන්න මට ලැබුණු වෙලාව ඉවර ඇති කියලා..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now