👑🌺 කිරුළ 6 🌺👑

737 125 86
                                    

දවල් ස්කූල් ඇරලා එද්දී සුදු දිගංචියා දීපු සුවඳ සබන් කැටෙත් අරන් වෙනදා පුරුදු වෙලාවට, දවස් ගාණකට පස්සෙ මං ඇලට ආවා..වළං ටිකත් හෝදලා පිස්සු සුද්දා ගැනම මනෝ ගහන ගමන් අළුත් සබන් කෑල්ලෙන් එන පිස්සු හැදෙන සුඳටත් ඉව අල්ල අල්ල මං රෙදි ටිකත් සේදුවා..මොන සබන්ද මන්දා...කළුම කළුයි අඟුරු කෑල්ල වගේ...පෙට්ටියේ ඇඳලා තියෙන්නේත් අඟුරු කෑලිම තමා..මං ජොලියට පෙට්ටිය පෙරලා පෙරලා පරික්ෂණ පැවැත්තුවා ඉතිං..ගාණ තිබුනෙ €8.5 යි කියලා...ලංකාවෙ රුපියල් වලින් නම් කියද මන්දා..ඒත් ඉතිං මෙච්චර පාට පාට සබන් තියෙන ලෝකේ කවුද අප්පා අමු කලු පාට ඒවා ඇගේ ගාන්නේ...මේ යකා රෙදි සෝදන්න ගන්න බාල සබන් කෑල්ලක්ද කොහෙද දීලා මට...

"හේ...little boy...."

"ආහ්..සර්.."

දැක්කම මේක කොහොම ඇගේ ගාන්නද හිතුණත් ඒක පැළෙන්න තරම් සුවදයි... මට ඒක ගාන්න ඕනා උණේ නෑ...ඒ පිස්සු හැදෙන සුවදට ලෝබ කමේ හංගලා අරන් තියන්නමයි හිතුණේ...ඒත් ඉතිං කෝ ගැවේ නැද්ද ඇහුවොත්...නෑ මං කියන්නේ අහන්න බැරි කමක් නෑනෙ...ඇහුවොත් බොරු කියන්න උනොත් පවුණේ..ඒ නිසා ඉතිං මං සබන් කෑල්ල ලෝබ කමේ උණත් 2කට කැපුවා... ඒ කැපුවත් ඒ භාගයක් මෙහෙ සබන් කෑල්ලක සයිස්ම ඇති..එක කෑල්ලක් මගෙ රෙදි පෙට්ටිය අඩියෙ හංගලා අනික අරන් ආවා..ඔය ඔක්කොම කල්පනා අස්සේ උන්න මං ගැස්සිලා බැලුවෙ ඇහුණ කටහඬට...

"නාන් නේද...එටන ගිහිං..."

"නානවා...මේ යන්න ලෑස්ති.."

මං ආපු ගමන් සුදු බංගලාව දිහාට ඇහැ දැම්මා ඉතිං...පේන්න නම් හිටියේ නෑ...ඒත් සුදු අලි කඳා දැන් ඇවිත්..එදා වගේ සද්ද නැතිව බලන් හිටියද මන්දා... උස දිගංචියා ඔහේ වගේ වගක් නැතිව උඩම පඩියේ කකුල් දෙකත් දෙපැත්තට විහිදුවන් දණිස් වලට වැලමිට තද කරන් අතේ ඇගිලි එකට පටලන් වතුර වල ඔළුවෙන් පෙන්නන ගමන් අහද්දී ඇලට බැහැලා සෝදපු රෙදි මිරික මිරික උන්න මං සුද්දා දිහා යන්තතන් ඇස් උඩට කරකෝලා බැලුවා...අද ශෝටක් ගහන් ඇවිත්...අලි කකුල් එළියේ...

"ම්ම්.නයිස්...මාට් එනවා.."

"ඈහ්...ඒ...ඒ ඔය මොකද.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now