👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

383 49 97
                                    

"අලියා පුලියා ටලං ටිලිං....
යයි ඇල වෙත රංචු පිටින්...
කෙළි සෙල්ලම් කර සතුටින්...
වී පිරිසිදු වී වතුරින්...
අලියා පුලියා ටලං ටිලිං....//"

මගේ කෝලම් දෙක...ලොකු අලි කඳා එක්ක...පොඩි අලි කදී...ස්ටොරූම් එකේ හැංගිලා කිරි පැණි කාලා...පොඩි එකී උස්සන් ආපු රෙදි මල්ලත් අරගෙන අපි උන්නේ වෙල මැද්දෙන් නියර දිගේ ඇලට යන ගමන්...

"අලියා පුලියා ටලං ටිලිං..."

දෝනිටම හරියන කෝලම් ඩඩා...අත් එකට පටලන් නහය අල්ලන් අලි හොඬේ හදාගෙන කොන්දෙනුත් දෙකට නැමිලා සිංදුවකුත් කිය කිය දෝනි පිටිපස්සෙන් ඩඩා එද්දී කලින්ම සෑහෙන දුරක් එයාලව පහු කරන් නියර දිගේ ඉස්සරහට ආපු මන් නියර උඩ නතරවෙලා ආපිට හැරිලා ඉණටත් අත් දෙක තියන් අලි පෙළපාලිය ළඟට එනකං බලන් හිටියා....

"අලි ඩඩා...උයා එනවා නේ..ද...."

"ම්ම්..එනවා එනවා..."

"ඔළුව උස්සල් බලන්න එපා...හ්..අපි පලක්කුයිද මන්දා...අලි අම්මට තලා ගින් වගේ...හොඬ වැල ඉනට තියන් බලන් ඉන්නේ...."

"හාකෝ මං බලන් නෑ...ඔයා පිටිපස්ස හැරෙන්න එපා...බිම බලන් යන්න...නියරෙන් වැටෙයි.."

"හරි මං පස්ස බලන් නෑ..කෝ ඔයා ඉස්සරහා බලන් නෑ නේ දා..හ්.....ආ..ර්..හ් ඩදා...හ්..."

ඩඩාට උපදෙස් දුන්න පණ්ඩිත ආච්චි ඒ උපදෙස් අමතක වෙලා අර නැට්ටේ එල්ලිලා දිවියලෝකේ ගිය ගමරාල වගේ වැඩි වැඩ කරන්න ගිහිං අලුතෙන් වපුරලා තිබුණ ලියද්දකට පත බෑ වෙද්දි ගැස්සිලා ගිය මං රෙදි බෑග් එකත් නියර උඩ දාලා ආපිට දිව්වා....

"ආ..ර්..හ් අයියෝ...පාර කැඩිලානේ...මෙතන...ඔන්න අලි ඩඩාත් මඩ ගොඩේ දඩොං....!!"

දෝනි ලියද්දේ ඉන්ද වෙලා එහා පැත්තෙන් උන්න එයත් අනික් පැත්තෙන් දුවන් එන මං දිහත් බැලුවේ අඬන්න කට හදන ගමන් වෙද්දි මන් දෝනි ළඟට යන්න තව ටිකක් පය ඉක්මන් කරන තප්පරේ එයත් බොරු හේතුවකුත් හදන් දඩොං ගාගෙන ලියද්දට පනිද්දී එතනටම කිට්ටු වෙලා උන්න මගෙ පය නැවතෙද්දි මගෙ වගේම දෝනිගෙත් ඇස් ලොකු වෙලා පුදුමෙට කටවලුත් ඇරුණා..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now