👑🌺 කිරුළ 12 🌺👑

626 114 85
                                    

එපා වෙලා වගේ...හැමදේම එපා වෙලා වගේ...මටම තේරෙන්නේ නෑ මට මොනා වෙලාද කියලා...මොන ප්‍රස්න ආවත්, එදා වේල හොයාගන්න ඕනා නිසා, යන්තමින් හරි විභාගේ ගොඩ දාගන්න ඕනා නිසා මං වැටෙන්නේ නැතිව මේ තරම්කල් අල්ලන් හිටියා...ඒත් මේ වතාවේ වෙනස්...

කුළුදුලේ ලව් කරන හැම එකාම මෙහෙමද දන්නෙ නෑ..ඒක මහ විකාරයක්...විකාරයක් බව දැන දැනම මිදෙන්න බැරි විකාරයක්..අලි මදිවට හරක් වගේ, තියෙන ප්‍රස්න මදිවට කරන ලව් ඉලව් විතරයි මදි උණේ කියන ගමන් මගේ හිත මටම දොස් කිව්වා..ඒක නිකං හිතේ ඇති උණ ආදරේ , පටන් ගැන්මෙදිම ඇති උණ බලාපොරොත්තු කඩවීම...මගේ ශක්තිය ඔක්කොම උරා ගත්තා වගේ..ආදරේ කරද්දි හැමදේම ලස්සනට පේනවා කිව්වට, දුප්පත්කමේ සාපේ නිසාදෝ මට නම් වෙලා තිබුනෙ ඒකෙ අනික් පැත්ත...

කුළුදුළේම ආදරේ කරන්න ගත්තෙ අසම්මතෙකට උණ එකටත් වඩා...මං හිතින් අල්ලාගන්න හදද්දී ගතින් බැදුන බැඳීමක් වෙනුවෙන් ආරම්භයක් ගන්න ඕනා උණ එයාව මතක් වෙද්දී , අංශුමාත්‍රෙකවත් පිළිකුලක් තරහක් එයා ගැන නැති උණත්..මට එයාව ඇර... මාත් එක්ක අනික් හැමදේමත් එපා උණා...කවදාවත් නැතිව මන් මේ දුප්පත් කමට අසරන කමට වයිර කරා...සමහරවිට මන් කොල්ලෙක් උණත්, යමක් කමක් තියෙන පවුලක කෙනෙක් උණා නම්..එයා මාව වෙනස් විදිහකට පිළිගනිවිද කියලා මගේ හිත මගෙන්ම ඇහුවා.. ඒත් අනික් අතට ප්‍රස්නෙ තියෙන්නේ මිල මුදල්වලවත් තත්වේවත් නොවී ආදරේ විස්වාස නොකරන එයාගෙ හිතේ බව මතක් වෙද්දී මගේ හිතේ අරමුණක නැති කලකිරිමක් ඇති උණා...

ඒ ඔක්කොම අමතක කරන්න හදන ගමන් , එයා මට හිතින් බැදුණත් ,ළඟදීම කසාද බඳින්න දින දාගෙන ඉන්න එයාටත් මටත් එකට අත් අල්ලන් යන ඉරණමක් ලියවෙන්න විදිහක් නැති බව මටම මතක් කරන ගමන් මන් එයා ගැන නොහිතා ඉන්න උපරිම උත්සහ කරා..

එදා බංගලාවෙන් එළියට ඇවිත් පාරෙන් නොයා වෙළෙන් පැනගෙන ගෙදර ආපු මං,තුවාල වල වේදනාවත් දරාගෙන මේ ඔක්කොමත් අමතක කරලා හිත හදාගන්න විදිහක් කල්පනා කර කර ඉද්දී, මඟ එද්දීම
ඉඩම උකස් තියලා කියන්න දැන ගෙන තිබුණ අම්මා එදා රෑ  අසනීප උණා..ගතින් කොච්චර දුර්වල උණත්, හිතේ හයියෙන් මෙච්චරකල් අල්ලන් හිටපු අම්මාගේ ප්‍රෙෂර් වැඩි වෙලාලූ... ඒ වෙලාවේ වෙරිත් හිදුණා වගේ කලබල උණත් වීල් එකක් හොයන් අම්මාව රෑ නිසා ප්‍රයිවට් තැනකට බෙහෙත්  ගන්න එක්ක ගිහිං, ආයි එද්දී වීල් එකෙන් දීපු රුපියල් පන්දාහේ මාරු සල්ලි උදුරගෙන මඟින්ම හැරුණ බාප්පා එළිවෙන්නත් කිට්ටුව ගෙදර ආවෙ කෙලින් කටින් ඉන්නත් බැරිව වෙනදා කොයි වෙලාවෙත් ළඟ තියෙන කාල වෙනුවට අද බෝතලයක්ම අරන්..

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now