👑🌺 කිරුළ 30 🌺👑

654 98 101
                                    

"සුදු මහත්තයා..."

......

"ඒ අලි කඳා..!!"

......

"සර්...!!!"

"මොන ලෝකෙද ඉන්නෙ අප්පා..කීපාරක් කතාකරාද.."

අපි උන්නේ හොටෙල් එකේ ඉඳන් airport යන ගමන් වාහනේ වෙද්දි අද උදේ ඉඳන්ම ලොකු කල්පනාවක ගිලිලා උන්න එයා මේ වෙලාවෙත් උන්නේ ලොකුම ලොකු කල්පනාවක වෙද්දි මං කතා කරාටවත් ගාණක් නැති වෙද්දි මගේ සද්දෙට පිටිපස්ස හැරිලා බලපු පැතුම් අයියයි සුමංග අයියයි මූණෙන් මූණ බලන් ඉස්සරහා හැරිලා ප්ලේ වෙවී තිබුණ සිංදුවේ සද්දේ තව වැඩි කරද්දි
මං සර්ගේ අතත් කොනිත්තලා කෑ ගහද්දී එයා කලබලෙන් මං දිහා බැලුවා...

"සො.. රි.."

"හැමදේම ඉක්මනින් හරියාවි සර්..ඔහොම ඉන්න එපානේ..මාවත් අවුල් යනවනෙ එතකොට.."

"ම්ම්.."

පහුගිය කාලෙ රටේ නැති කල්පනා ලෝක වල අතරමං වෙලා දුකින් උන්නේ මං වෙද්දි ඔය වගේ වචන පිට උණේ , මගේ හිත හදන්න උත්සාහකරපු එයාගෙන් උණත්..ඊයේ රෑ උණ සිද්ධියෙන් පස්සෙ ඒ තත්වේ අනික් පැත්තට මාරු වෙලා තිබුණා...එයාගෙන් ඈත් වෙලා යන්න වෙන එක ගැන තිබුණ දුක යටපත් වෙද්දී ගතින් දුර ගියත්...යන්නෙ එයා එක්ක යන්න පුළුවන් උන උපරිම දුර ගිහින්  එයාගේම වෙලා වෙද්දි..ඒ සතුට මගේ හිතට සැහැල්ලුවක් ගෙනත් තිබුණා...ඒත් එයා අද උදේ ඉඳන් හැසිරුණේම ලෝකේ තියෙන තරම් ඔක්කොම බර එයාගෙ කරපිටට ගත්තා වගේ වෙද්දි මොනා කරන්නද නොදනිද්දී ඔය එකම වචන විතරක් එයාගෙ හිත හදන්න හිතන් මං ආයි ආයි මිමිනුවා..

......

"කිරු..ළු.."

"ම්ම්."

"මතකද ගිය වතාවේ අපි අන්තිමට එකට උන්න දවස්.."

"හ්ම්."

"ගොඩක් දුකින්ද හිටියෙ ඔයා.."

මගෙ වචන වලට යන්තම් ඔලුව විතරක් හොලවලා ආපහු ෂටර් එකෙන් එළිය බලන් උන්න එයා බර උණ කටහඬකින් මගෙන් ඇහුවේ මාව ළඟට ඇදගන්න ගමන්..

"ඇයි දැන් ඒ ගැන අහන්නෙ සර්."

"ගොඩක් සොරි..එහෙම කරාට...පුළුවන් නම් එහෙම නරක දවස් අපිට තිබුනෙ නෑ වගේ අමතක කරලා දාන්න.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now