👑🌺 කිරුළ 31 Bonus 🌺👑

531 97 82
                                    

ජර්මනි ඇවිත් දවසින් දවස දවස් ගෙවුණා.. මුල්ම සති දෙක අවුලක් නොවුණත්,මාර්තු මුල් සතියේ university පටන් ගද්දී හැමදේටම හුරු වෙන එක ටිකක් අමාරු උණා...ලොකුම ප්‍රස්නේ ලංකාවෙත් මෙහෙත් කාල පරතරේ උණත් හිතට සැනසීමක් ගේන ගමන් ටිකෙන් ටික ඒකටත් හුරු වෙද්දි  මුල් මාස දෙකේ හැමදේම හොදින් සිද්ද උණා...

මෙහෙත් එහෙත් වෙලාව පැය 4ක වෙනසක් තියෙද්දි මං මෙහෙ පාන්දර 4ට නැගිටිද්දී එහෙ වෙලාව 8.30 වෙද්දි බැලුන් යන සර් ආපහු බංගලාවට ඇවිත් තිබුනෙ නෑ..පාන්දර 4 ට ඇහැරිලා පාඩම් කරන මං, ලෑස්ති වෙලා 8ට ගෙදරින් පිටවෙද්දී එහෙට දවල් 12.30 ත් වෙද්දි ඔය අතර කාලෙ මං ලෑස්ති වෙන ගමන්ම එයා එක්ක කතා කරා..ආයි මෙහෙ දවල් කෑම පැයේ ලැබෙන පුංචි වෙලාවෙ වැඩි වෙලාව ගෙදරට කතා කරද්දි , පුළුවන් උනොත් සර්ටත් කතා කරා...මෙහෙන් හවස 5ට university යෙන් එළියට ඇවිත් එන මග දිගටත් පුළුවන් හැටියට දෙගොල්ලටම කතා කරද්දි...හවස 6ට ගෙදර එද්දී ලංකාවේ වෙලාව රෑ 10.30 උණත් එයා මං එනකං අවදියෙන් හිටියා..

ආපු ගමන් වොෂ් දාන්නෙත් නැතිව පැයක් විතර යනකංම මං කරේ විඩියෝ කෝල් අරන් මුළු දවසටම හරියන්න එයා එක්ක නිදහසේ  කියවන එක වෙද්දි මෙහෙන් රෑ 7 පහුවෙලා එහෙ රෑ 12ට කිට්ටු වෙද්දි පාන්දර ආපහු ඇහරින්න ඕන නිසා එයා අකමැත්තෙන් උණත් නින්දට ගියා..පාඩම් කරලා අනික් වැඩත් ඉවරවෙලා මං මෙහෙන් රෑ 11.30ට..එහෙන් පාන්දර 4 වෙද්දි එයාව ඇහැරවලා නින්දට යද්දි එයා පාන්දර 4.30 ට..මෙහෙ වෙලාවෙන් රෑ 12ට බැලුන් යන්න බංගලාවෙන් පිටත් උණා..

මොකක්දෝ හේතුවකට මේ මාස දෙක පුරාම එයා, එදා අපි අතර උණ දේවල් ගැන කතා නොකරද්දි...මන් කතා කරන්න හැදුවත් මඟ අරිද්දී...මැසේජ් එකකින් එවන කිස් එකකට හෝ ඉමොජියකට එහා ඒ වගේ කිසි දෙයක් ගැන කතා නොකරද්දි හේතුවක් හිතා ගන්න බැරි වෙද්දී, මගෙ හිත නොසෑහෙන්න රිදුණා...සමහරවිට එයා කිව්වත් වගේ ගන්න තියෙන ඔක්කොම ගත්තට පස්සෙ...මාව එපා උනාදෝ කියන සිතුවිල්ල හිතට එබෙන්න ආවත්...අඩුම ඒ විදිහට මාව එපා උණත්...තව දුරටත් මට කතා කරන නිසා, ඉස්සර වගේම හොයලා බලන නිසා..මන් මාවම පාලනේ කරන් එයාට ඕනා විදිහටම ඒ දේවල් ගැන කතා නොකර ඉන්න..මතක් නොකර ඉන්න පරිස්සම් උණා...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Tahanan ng mga kuwento. Tumuklas ngayon