👑🌺 කිරුළ 26 🌺👑

602 92 83
                                    

සර් ආපහු ඇවිත් සති කීපයක් ගෙවිලා ගිහිං තියෙද්දි ,නත්තලුත් කිට්ටුවෙලා තිබුණා...නත්තල වෙනුවෙන් සෙවරින් සර්ගේ යාළුවෙකුගේ හොටෙල් එකක තියෙන ලොකු function එකකට විශේස ආරාධිත අමුත්තො විදිහට සහභාගි වෙන්න සෙවරින් සර්ලගෙ පවුලේ අයට ආරාධනා ලැබුණ නිසා ලොකු සර් ලංකාවට එන බවක් දැනුම් දුන්නා වෙද්දි ,ලොකු සර් එක්ක එන්න ලෙවින් සර් අද පාන්දර පැතුම් අයියාත් එක්ක එයාපෝට් ගියා...උදේ ඉඳන් රෑ වෙනකං එයා ළඟ පාත ඉඳලා ඉඳලා එකපාර මේ වගේ පැය කීපෙකට හරි ළඟ නැතිවෙද්දී, අපිට එකට ඉන්න තියෙන්නෙ තව දවස් ගාණක් කියන්න මතක තියෙද්දි මං ඇත්තටම දරාගත්තේ හරි අමාරුවෙන්...

ඒකත් අද මුළු දවසක් වෙද්දි උදේ ඉඳන් ගාඩ්න් එකේ වැඩ කරලා හිත නිදහස් කරන්න හැදුවත් බැරි වෙද්දි,අමාරුවෙන් දවස ගෙවාගෙන 6ටත් කිට්ටු වෙනකං මඟ බලන් උන්නත් ස්ර එන්න රෑ වෙයි කියපු නිසා, සර්ලා දෙන්නටම රෑ කෑම හදලා තියලා මං ගෙදර ගියා...සර් ඇවිත් සති 2කට පස්සෙ අක්කාත් ලංකාවට ආවා වෙද්දි අක්ක නැති කාලෙ පොඩි එකිගේ temporary mother උණ අනුමි අක්කා ආවත් හරි කොයි වෙලාවෙත් හිටියෙ අපෙ ගෙදර..වෙනදාට මන් බංගලාවේ ඉඳන් එද්දී අනුමි ආපිට ගිහිං හිටියත් අද මන් බංගලාවේ එන්න පරක්කුත් වෙලා  කෙලින්ම ඇලට එද්දීත් මාව පුදුම කරන ගමන් අක්කයි අනුමියි පොඩි එකියි ඔක්කොම නාන මන්කඩ ළඟ මඟ රැකගෙන හිටියා වෙද්දි අක්කා මන් ආ හැටියේ පොඩි එකීවත් අපිට බාර දිලා ෂේප් එකේ මඟ ඇරල යද්දි මට හොඳක් දැනුණේ නෑ...

"ඔයා..ඇත්තටම යනවාද.."

"හ්ම්ම්."

"ඒ..එතකොටු..ඒ හැම..දේම ඇත්තද සුදු අයියෙ.."

"මොන.."

පොඩි එකීව නාවන ගමන් උන්න අනුමි අහද්දී,කෙල්ලෙක් ඉස්සරහා තනිපංගලමේ නාන එක හරි නැති නිසා පොඩි එකීවත් නාවන් අනුමි යනකං පඩියක වාඩි උණ මං ඕනාවට එපාවට හූ මිටි තිව්වා උණත් මඟ රැකගෙනම ඉඳලා මේ පටන් ගන්න හදන කතාව ගැන දැනටමත් මට ඉව වැටෙද්දී ඊයේ හවස උණ දෙයක් මට මතක් උණා..

"උඹ..උඹත් අමාරුවේ වැටෙන්නද යන්නෙ මල්ලි...උඹටත් ඕනා ඔය බංගලාවේ උන් නිසා මන් වගේම ජීවිතේ විනාස කර ගන්නද...ඇයි තේරෙන්නේ නැත්තෙ උඹට..ඔය සල්ලි අතගාන සෙල්කක්කාර මිනිස්සු ගාව ආදරේ නෑ බං... උන්ට ඕනා ඕනා එපාකම් පිරිමහගන්න මොකෙක් හරි විතරයි...උගන්නන්නම් රට යවන්නම් කිව්වම උඹ අර මිනිහාට දෙන්න පුලුවන් ඔක්කොම දුන්නද ආ...ඇයි බං...ඇයි...යකෝ ඒත් පිරිමියෙක්...උඹත් පිරිමියෙක්...මට තේරෙන්නේ නෑ...හිතද්දීත් ඔලුව විකාරවෙනවා මගේ.. අනේ ලොකු අමාරුවක වැටෙන්න කලින් ඕක අමතක කරපං මල්ලි...උඹ මොන රටකවත් යන්න ඕනා නෑ...ඉගෙනගන්න ඔන නම් මෙහෙ මොකක්හරි කරන්න මන් සල්ලි දෙන්නම්..උඹට ලව් කරන්නම ඕනා නම් අර අවුරුදු ගාණක් උඹ ගැන හිතන් ඉන්න එකි ගැන හිතපන්...සද්ද නැතිව අහං ඉන්නවා වගේ නෙමෙ මන් අද කිව්වා කියලා මතක තියා ගණින්..උඹ දැම්ම ඔය මගුල අමතක නොකරොත්..දවසක උඹට මටත් වඩා වන්දි ගෙවන්න වෙයි...නොගැලපෙන මිනිස්සුන්ට ආදරේ කරපු වරදට.."

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now