👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑

1.1K 117 129
                                    

"දඩා...දඩා...අපි මෙහෙ...දූනි මෙහෙ....තාතී... දූනි මෙහෙ....චමිලියෝ..ආ බාන්න මගේ ඩදා..තාතිව උඩ අලන් යනෝ....අපිත්....උඩ යනවා මේ...උඩ යනෝ...පතුම් මාමී.... දඩාට වඩා උඩ යම්....අපි දඩාට වඩා උඩ යම්......"

අපි උන්නේ බැලුන් එකේ..එකක නෙමෙ දෙකක...සර් එක්ක මං පොඩි බැලුන් එකේ ඉද්දී පැතුම් අයියා සුමංග අයියා එක්ක අම්මා බාප්පා අක්කා නසීර් අයියායි පොඩි කෙල්ලො දෙන්නයි,අනුමියි ලොකු බැලුන් එකේ හිටියා..මං ජර්මනියේ ගිහිං ආපහු නෑවිත් ඉද්දී , ඊට පස්සෙ සීසන් කිපේම සර් බැලුන් ගමන නතර කරලා තිබුණෙ එයා එක්කම තරහට..මං අහද්දී හේතුවක් නොදී මඟ ඇරියත් පැතුම් අයියලා කියපු විදිහට මාස දෙකක ටුවර් වල පාඩුව ගැන හිතලා මං ජර්මනි යද්දි මං එක්ක නොයා ලංකාවේ නතර උණ එකටයි ඊට පස්සෙ උණ දේවල් වලටයි එයා එයාටම දොස් කියා ගත්තලු..මාව තනියම නොයවා එයත් මන් එක්කම ජර්මනි ගියා නම් මේ ප්‍රස්න මෙහෙම නොවෙන්න තිබුණා කියලා පසු තැවුණාලු...
ඒ අවුල නිසාම ආයි මං එන දවසක් එනකං බැලුන් යන්නෙ නෑ කියලා හිතුවක්කාර උනාලු...

ඉතිං දැන් අපි අහම්බෙන් නුවර එළියෙදි ආපහු මුණ ගැහිලා මාස කිපයක් ගෙවිලා තිබුණා..අක්කා නසීර් අයියා එක්ක දැනටමත් නුවර එළියේ ස්ථිර පදිංචි නිසා එහෙම නවතීද්දී අම්මා බාප්පා එක්ක ආපහු පොල් අතු ගෙදර පදිංචියට ආවා..සර් එක්ක දෝනියි මමයි ලොකු සරුයි අහිංසා අම්මයි එක්ක බංගලාවේ නතර උණත් වෙනසක් නැතිව අපි පොල් අතු පැලටයි බංගලාවටයි විටින් විට මාරු උණා...

පතිරණ holdings එක යටතේ
බාර අරගෙන තිබුණ වැඩ ටික සම්පූර්ණ කරලා, ඒ කම්පැනිය වෙනුවෙන් කරපු අවසාන project එක විදිහට අපේ හොටෙල් කිරුළු එකේ landscaping ටිකත් සම්පූර්ණ කරලා අවුරුදු දෙකකට වඩා කරපු රස්සාවට සමු දීලා මගේම තැනක තනියම වැඩ පටන් ගන්න සර් මේ වෙද්දීත් මං වෙනුවෙන් හැමදේම ලෑස්ති කරන ගමන් උන්නා...
නුවර එළියේ මගෙ නමට තිබුණ ඉඩමෙ හදන්න ලෑස්ති වෙලා තිබුණ පුංචි පහේ හොටෙල් එකේ වැඩ ඉවර කරලා, හොටෙල් එක කරගෙන යන වැඩේ අක්කලාට බාර දෙන්න සර් තීරණේ කරද්දි ආපහු ගමට ඇවිත් ගමේම ස්ථාවර වෙන්න අපි තීරණේ කරේ දෙන්නගේම කැමැත්තෙන්....

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now